අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් අනුර අත්හැර කරූ ප්‍රතිවාදියා කර ගෙන

සජිත් අනුර අත්හැර කරූ ප්‍රතිවාදියා කර ගෙන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දවස්වල බරපතල නොසන්සුන්තාවක ඉන්න බව පේනවා.සජිත් අතට අහුවෙන, අහුවෙන දේවල්වලින් හිතෙන, හිතෙන අයට ගහන්න පටන් අරන්. සජිත්ගේ මේ ජජුප්සා ජනක හැසිරිම වැඩිවුනේ අනුරගේ ඉන්දියන්…


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දවස්වල බරපතල නොසන්සුන්තාවක ඉන්න බව පේනවා.සජිත් අතට අහුවෙන, අහුවෙන දේවල්වලින් හිතෙන, හිතෙන අයට ගහන්න පටන් අරන්. සජිත්ගේ මේ ජජුප්සා ජනක හැසිරිම වැඩිවුනේ අනුරගේ ඉන්දියන් සංචාරයෙන් පස්සේ. එතනදී නං ඕනි පොඩි ලමයෙකුට උනත් තේරෙනවා ඉන්දියාව සජිත්ව නොසළකා හැරියා කියලා.ඒ හිතේ අමාරුව සජිත්ට තදට තියනවා.

අනුරගේ ඉන්දීය ගමන ගැන රටේ රාළගේ විවේචනය දැනටමත් ඉදිරිපත් කරලා තියනවා.ඒක එහෙම උනා කියලා අනුරගේ ඉන්දීය සංචාරයෙන් පස්සේ සජිත් මුහුණ දෙන්න දේශපාලන අර්බුදය ගැන කියන්න රටේ රාළට බාධාවක් නෑ. අනුරගේ ඉන්දියානු ගමනට ඉස්සෙල්ලා ඉඳන්ම සජබේ මේ කඩාවැටීම තිබුණා.සටන ආරම්භයේදී අනුරට වඩා සජිත් ඉදිරියෙන් හිටියා.සටනේ එක තැනකදි අනුර සහ සජිත් කරට කර සටනක හිටියා.

එතැනදී තමයි සජිත් සටන අතෑරියේ.එහෙම අතෑරියට පස්සේ අනුර සජබය අභිබවා යන එක අන්නත් දෙයක්ද?අනුර සජිත් අභිබවා ගියා කියන එක ඉන්දියාවට වාර්තා වෙන එකත් අහන්නත් දෙයක්ද?ඒ අනුව ප්‍රතිචාර දක්වන්නේ නැත්තං ඒක ඉන්දියාව නෙවෙයි.ජනාධිපතිවරණය උණුසුම දැනෙනවත් එක්ක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය හැමදාමත් උඩට එනවා.ඒක කවුරුවත් කෘතිමව මතුකරන එකක් නෙවෙයි.

දැන්වීම

මේ රටේ ජනතාවගේ විධායක ජනාධිපති ක්‍රමයට තියන විරෝධය විසින් මතුවෙන නොවැලැක්විය හැකි තත්වයක් ඒක.ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම තමන්ගේ වැඩපිලිවෙලේ කොටසක් බවට පත්කර ගත්ත පක්ෂ හා සංවිධාන තියනවා.හිටපු කතානායක කරූ ජයසුරිය නායකත්වය දෙන සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කියන්නේ එහෙම සිවිල් සංවිධානයක්.

පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් පටන් ගත්ත සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයයේ ප්‍රධානම කාර්යභාරය බවට පත්වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරපු නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට හදුන්වා දීමයි.ඒ අරමුණ වෙනුවෙන් 2013 අවුරුද්දේ පටන් අඛණ්ඩ සටනක සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය යෙදිලා ඉන්නවා.

මාඳුළුවාවේ සෝහිත හාමුදුරුවෝ කියන්නේ මේ රටේ හිටිය සුවිශේෂී භික්ෂු චරිතයක්.මව්බිමට විපතක් එන හැම අවස්ථාවකදීම ඒක ඉස්සෙල්ලාම දැනුන හිමිනමක්.ඒ වගේම තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඒවාට ප්‍රතිචාර දක්වපු ස්වාමීන් වහන්සේ නමක්. මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මේ රටේ ජනතාව දේශපාලන වශයෙන් හදුනා ගන්නේ 1987 දී ගොඩනගපු මව්බිම සුරැකීමේ සංවිධානය හරහායි.

එදා ජේආර් ඉන්දියාවට යටත් වෙලා ඉන්දියාවේ උවමනාව වෙනුවෙන් ඇඳිරි නීතිය දාගෙන අත්සන් කරපු ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහි අපේ රටේ ප්‍රගතිශීලී ජනතාවට නායකත්වය දුන්නේ මව්බිම සුරැකීමේ සංවිධානයයි.1987 ජූලි 28 වෙනිදා ඉන්දු  - ලංකා ගිවිසුමට එරෙහිව සිදු කළ ඓයිතිහාසික ජනතා විරෝධයට නායකත්වය දුන්න භික්ෂුන් වහන්සේලා අතර මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ප්‍රධාන චරිතයක්.

උන් වහන්සේ ගෙනිච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ සටනේ උච්චතම අවස්ථාව උදාවුනේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වෙනුවෙන් යහපාලන ආණ්ඩුව පත්කර ගැනීමෙන්. ඒ ආණ්ඩුවේ සජිතුත් ඇමති කෙනෙක්. ඒත් යහපාලන ආණ්ඩුව හරහාත් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ ක්‍රියාවලිය කරගන්න උන් වහන්සේට බැරිවුනා.උන් වහන්සේගේ ඒ උත්සාහය 19 වෙනි ව්‍යවස්ථාවට විතරක් සීමාවුනා.

ඒ සම්බන්ධව මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සතුටින් හිටියේ නෑ.උන් වහන්සේ අපවත් වෙන්න ඉස්සෙල්ලා අප වැරදුණ බව කියලා තිබුණා.කොහොම හරි උන් වහන්සේගෙන් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ධජය බිම නොදමා රැගෙන එන්න තරම් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ධෛර්ය සම්පන්න වෙලා තියනවා.අද ඊට නායකත්වය දෙන්නේ හිටපු කතානායක කරූ ජයසූරියයි.

කරූ මේ මැතිවරණ වර්ෂය ආරම්භ වෙනවත් එක්ක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව නැවතත් කරලියට ගෙනාවා.මේ රටේ නැවත ජනාධිපතිවරණයක් එන තත්වයක් යටතේ කරූ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධ තමන්ගේ ස්ථාවරය දැනුම් දෙන්න කියලයි. ජනවාරි 18 වෙනිදා කරූ අහපු ඒ ප්‍රශ්නයට 19 වෙනිදා මාලිමාවේ නායක අනුර කුමාර නුවරදී උත්තර දුන්නා.

අනුර කිව්වේ තමන්ගේ පාලනයක් යටතේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවයි.හැබැයි කොහොමද අහෝසි කරන්නේ කවදද අහෝසි කරන්නේ කීයලා අනුර කිව්වේ නෑ.විධායක ජනාධිපතිධූරය අපේ රටේ නායකයන්ට බර වැඩියි කියලා විතරක් කිව්වා.කරූගේ ඒ ප්‍රශ්නයට විපක්ෂ නායක සජිතූත් උත්තර දෙන්න ඕනි.හැබැයි දැන් සජිත්ට ප්‍රශ්න පැටලිලා.

මීට කලින් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕනි කියන යෝජනාවක් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයයෙන් ණයට ඉල්ලගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සජිත් දැන් පෙරලා සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයට ගහන්න පටන් අරන්.සජිත් දැන් කරන්නේ ජනාධිපතිවරණය එන්නේ නෑ කියන මතය plant කරමින් යන එකයි. ජනාධිපතිවරණය නොතියා විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයක් තියන්න හදනාවා කියලා සජිත් හිතලුවක් කියනවා.

සජිත් දන්නේ නෑ ජනමත විචාරණයට යන්න ඉස්සෙල්ලා ඒ යෝජනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඕනි කියලා.ඒකට තවත් අධිකරණමය ක්‍රියාවලියක් තියනවා කියලා.සජිත් විසින්ම plant කරපු සටන් පාඨයට සජිත්ම රැවටිලා.සජිත්ට එරෙහිව සජිත් කෑගනවා.සජිතුත් කියන්නේ අනුර වගේම තමන් ඇවිත් විධායකය අහෝසි කරන කතාවම තමයි.මේ පාර්ලිමේන්තුවෙන් විධායකය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි බව ඕනි පොඩි ලමයෙක් උනත් දන්නවා.
ඒක අයිති ඊළඟ ජනාධිපතිවරණ ජනවරමට සහ පාර්ලිමේන්තු ජනවරමට.සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කොයි මොහොතකවත් ජනාධිපතිවරණය කල්දාන්න ඉල්ලලා නෑ.මැතිවරණ කල් දැමීම සම්බන්ධව එයාලගේ විරෝධය නම් පල කරලා තියනවා. රටේ රාළ විශ්වාස කරන්නේ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් කියන්න ඕනි විධායකය සම්බන්ධව තමන්ගේ ස්ථාවරය.විධායක ක්‍රමය අහෝසි කරන්න එකඟ නං ඒක කරන විදිහ සහ දින වකවානු කියන්න ඕනි.

ඵහෙම නැතිව රට පටලන එක නෙවෙයි සජිත් කරන්න ඕනි.දැන් සජිත් කරමින් ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇත්ත සටනේ ඉන්න කරූටත්, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයට පහර දෙන එක.ඒකෙන් පේන්නේ විධායක බලය සම්බන්ධව සජිත්ගේ තියන කෑදරකමයි.සජිත් තමන්ගේ වැඩිමහල් ගෝලයා වන ලක්ෂමන් කිරිඇල්ල දාලා මෙහෙම කියවනවා, 

"සිවිල් සමාජයේ බළල් අත් අල්ලගෙන ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න සැලසුම් කරනවා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ, ඒකට වසර කාලයක් ඕනේ, ජනාධිපතිවරණය කල් දාන්න ඕනේ " කියන උත්සාහයක් තියෙනවාලු.

එතනින් නවතින්නේ නැතිව සජිත් මෙහෙම කියනවා, "ජනාධිපතිවරණය අහෝසි කිරිමට අවශ්‍ය වී ඇත්තේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පෙනි පෙනී බවත් මොවුන් විසින් ගෞරව නාම ලබා දුන් අතකොලුවන් උපයෝගී කර ගෙන ජනාධිපතිවරණය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යන බවයි " 

ඇත්තටම දැන් සජිත් කොච්චර ව්‍යාකූල වෙලාද කියනවා නං සජිත් වැහිලා තියෙන්නේ මොන යකාද කියලා හිතා ගන්නත් බෑ.
අනුර කුමාරට බය වෙච්චි බයවිල්ලට සජිත් අනුරට කරන වැලේන්ජ් එක අතෑරලා දාලා.ඒ වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී ඉන්න කරූව අල්ලගෙන.හැබැයි රටේ රාළ එකක් නම් දන්නවා සජිත්ට කවදාවත් මේ රටේ විධායක ජනාධිපති වෙන්න බෑ.ඒක නිසා සජිත්ට කවදාවත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නත් බෑ.

පහුගිය ජනාධිපතිවරණය අවසන් උනාට පස්සේ සජිත් වනගත වුනා. මේ ජනාධිපතිවරණය පටන් ගන්නත් ඉස්සෙල්ලා සජිත්ට වනගත වෙන්න සිද්ධ වෙන එක වක්වන්න බෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා.

මිට

රටේ රාළ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
සජිත් අනුර අත්හැර කරූ ප්‍රතිවාදියා කර ගෙන | Lanka Newsweek