අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් අනුරාධපුර ගොවි ගැටළු සොයා බලයි

සජිත් අනුරාධපුර ගොවි ගැටළු සොයා බලයි

(හේමන්ත තුසිත කුමාර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක ගොවිජන දුක විමසන ගොවි හදගැස්ම වැඩසටහනෙහි තවත් පියවරක් අද (12) අනුරාධපුර කලාවැව ආසනයේ එප්පාවල කටියාව දී පැවති අතර…

(හේමන්ත තුසිත කුමාර)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක ගොවිජන දුක විමසන ගොවි හදගැස්ම වැඩසටහනෙහි තවත් පියවරක් අද (12) අනුරාධපුර කලාවැව ආසනයේ එප්පාවල කටියාව දී පැවති අතර එහිදී  විපක්ෂ නායකතුමා හමුවූයේ එළවළු වගාකරන ගොවීන් ය.

"ගොවි හදගැස්ම" වැඩසටහන ට පෙරාතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටියාව ගොවිජනපද නිර්මාතෘ හිටපු අගමැති මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද කටයුතු කළේය. 

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන්, කලාවැව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක පළාත්සභා මන්ත්‍රී අනිල් රත්නායක ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් අනුරාධපුර ගොවි ගැටළු සොයා බලයි | Lanka Newsweek