අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ට හයිය දෙන්න මාවනැල්ල

සජිත්ට හයිය දෙන්න මාවනැල්ල

ශ්‍රීලනිපයෙයි පොහොට්ටුවෙයි කෑගල්ල බිම්මට්ටම ගලවගෙනම සජබයට එයි! ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු පිරිසක් අගෝස්තු (19)වැනිදා සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත්…

ශ්‍රීලනිපයෙයි පොහොට්ටුවෙයි කෑගල්ල බිම්මට්ටම ගලවගෙනම සජබයට එයි! 


 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු පිරිසක් අගෝස්තු (19)වැනිදා සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමඟ එක්වූහ. ඒඅගෝස්තු 19) වැනිදා මාවනැල්ලේ පැවැති ජන රැලියේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක සංවිධායක දිප්ති සුමනරත්න මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රඹුක්කන ආසනයේ ප්‍රධාන සංවිධායක කපිල කුමාර මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මානවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිනි ධම්මිකා මහත්මිය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි උපාලි අබේරත්න මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිනි රත්නා කුමාරි මහත්මිය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සභාපති ලක්ෂ්මන් මහතා , ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ තරුණ සංවිධායක චමින්ද එගොඩගෙදර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් එක්විය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ට හයිය දෙන්න මාවනැල්ල | Lanka Newsweek