සජිත්ට සියයට 43යි අනුරට සියයට 30යි පොහොට්ටුවට 7යි

විපක්ෂ නායක තවමත් ඉදිරියෙන් IHP කියයි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබිය හැකි සහය හෙවත් ජනතා අභිප්‍රාය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) ආයතනය මගින් සිදු කෙරුණු නවතම…
විපක්ෂ නායක තවමත් ඉදිරියෙන්
IHP කියයි
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබිය හැකි සහය හෙවත් ජනතා අභිප්‍රාය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) ආයතනය මගින් සිදු කෙරුණු නවතම සමීක්‍ෂණයේදී සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 43%ක ජනතා සහයක් ලබා ගනිමින් ඉදිරියෙන්ම සිටින බව එම ආයතනය අඟහරුවාදා (01) නිවේදනය කළේය.
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට 30% ක ජනතා සහයක් ලැබී ඇතැයි ද එම සමීක්‍ෂණයෙන් හෙළිවූ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කරයි.
මේ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන ජනතා සහය 20% දක්වා ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට ලැබී ඇත්තේ 7% ක ජනතා සහයක් පමණක් බව ද එම ආයතනය වැඩි දුරටත් කියා සිටියි.