සජිත්ගේ සරසවි සභාපති ආනන්ද ජයවික්‍රමත් කලකිරිලා

ඔහු නූගතෙක්ලු කිසිවක් දන්නේ නැතිලු ගොඩයෙක්ලු සමගි ජන බල වේගයට අනුබද්ධිත ජාතික බුද්ධි මණ්ඩපයේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා අතිශය කලකිරීමට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා…
ඔහු නූගතෙක්ලු
කිසිවක් දන්නේ නැතිලු
ගොඩයෙක්ලු
සමගි ජන බල වේගයට අනුබද්ධිත ජාතික බුද්ධි මණ්ඩපයේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා අතිශය කලකිරීමට පත්ව සිටී.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා "lankanewsweek" ඔහුට දුරකථනයෙන් කතා කළත් ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ නමුත් ඔහුගේ සරසවි සගයින් වන ආචාර්ය අතුලසිරි සමරකෝන්, විධායක සභික මහාචාර්ය බරණ ජයවර්ධන, උප සභාපති ආචාර්ය අනුප ජයවර්ධන, විධායක සභික මහාචාර්ය නිලන්ත ලියනගේ සහ විධායක සභික මහාචාර්ය චාමින්ද අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිස කියා සිටින්නේ ඔහු කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයක සිටින බවය.
මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කැපී අනාථ වී සිටින අතර ඊට හේතු වී තිබෙන්නේ ඔහුගේම නූගත්මක්ම, නව තාක්ෂණය ගැන නොදැනීම සහ ග්‍රාමීය චින්තනය බව තවත් සරසවි මහැදුරෝ කියති.