අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ සමාජ,දේශපාලන දැක්ම ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න

සජිත්ගේ සමාජ,දේශපාලන දැක්ම ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න

සජිත් ප්‍රේමදාසගේ දැක්ම ප්‍රායෝගිකයි..! (සුජිත් මංගල ද සිල්වා) පුළුල් සමාජ දේශපාලනික දැක්මකින් යුතුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති සහ ඉලක්ක…

සජිත් ප්‍රේමදාසගේ දැක්ම ප්‍රායෝගිකයි..!

සජිත්ගේ සමාජ,දේශපාලන දැක්ම ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න

(සුජිත් මංගල ද සිල්වා)

පුළුල් සමාජ දේශපාලනික දැක්මකින් යුතුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති සහ ඉලක්ක සම්බන්ධයෙන් රට හමුවේ කරන පැහැදිළි කිරීම් ජනතාව මනාව තේරුම් ගෙන සිටින්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රට,ජනතාව හමුවේ ලබා දෙන කවදාවත් ඉටු කළ නොහැකි සහ කිසිදු පදනමක් නොමැති පොරොන්දු සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරුන් අරලිය ගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (24) ඔහුගේ අවදානය යොමු කළ අවස්ථාවකදීය.

දැන්වීම

එහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා තිබේ.

"අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රට ජනතාව හමුවේ නිතරම කියන්නේ ඉතාම ප්‍රයෝගික කතා වන අතර ඔහු ජනතාවට ලබා දෙන්නේ ඔහුටත් අපටත් ඉටු කළ හැකි පොරොන්දුයි .නැති බැරි අයට සලකා ඒ අය ඇති හැකි අය බවට පත් කරන හැටි කියන සජිත් ප්‍රේමදාස මධ්‍යම පාන්තික ජනයාගේ ජිවිත වඩාත් සුවපත් කරන ආකාරය ගැනද කියනවා.

ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම්,අනුග්‍රහය,රැකවරණය සහ අත හිත දී ඒ අය ජාතික ආර්ථිකයේ වැඩි පංගුකාරයින් බවට පත් කර ගන්නා ආකාරය ගැන වගේම කාන්තා අයිතීන් සුරක්ෂා කරමින් කාන්තාවන්ට රැකවරණය ලබා දෙන කාන්තා ප්‍රඥාප්තිය ගැන ද ඔහු කතා කරනවා.ඒ වගේම තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අවශ්‍යතා ගැන කරුණු දක්වන සජිත් ප්‍රේමදාස දේශපාලන පක්ෂ ජාති සහ ආගම් බේදයෙන් තොරව සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් තරුණ පරපුරට සාධාරණ ලෙස රැකියා ලබා දීම සම්බන්ධ සිය ප්‍රතිපත්තියද පැහැදිළි කර තිබෙනවා.

මේ අනුව පුළුල් සමාජ දේශපාලනික දැක්මකින් යුතුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති සහ ඉලක්ක සම්බන්ධයෙන් රට හමුවේ කරන පැහැදිළි කිරීම් ජනතාව මනාව තේරුම් ගෙන සිටිනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගේ සමාජ,දේශපාලන දැක්ම ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න | Lanka Newsweek