අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ සජබය බැසිල් Hijack කරලා

සජිත්ගේ සජබය බැසිල් Hijack කරලා

සජබ අභ්‍යන්තරයේ බැසිල්ගේ ඔත්තු කාරයෝ විමල්-උදය ගියොත් සජබයෙන් මන්ත්‍රීන් ගෙන හයෙන් පහක ආණ්ඩුවක් හදන්න බැසිල් සූදානම් සජබයේ සිටින බැසිල් වාදීන් ගැන ඩයනා කළ හෙළිදරව්ව ෆීල්ඩ් මාර්ෂල් පොදු අපේක්ෂකයා…

සජබ අභ්‍යන්තරයේ බැසිල්ගේ ඔත්තු කාරයෝ 

විමල්-උදය ගියොත් සජබයෙන් මන්ත්‍රීන් ගෙන හයෙන් පහක ආණ්ඩුවක් හදන්න බැසිල් සූදානම්

සජබයේ සිටින බැසිල් වාදීන් ගැන ඩයනා කළ හෙළිදරව්ව 

ෆීල්ඩ් මාර්ෂල් පොදු අපේක්ෂකයා කරන්න සේනක බැහැල වැඩ   

සජිත්ගේ සජබය බැසිල් Hijack කරලා

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ගියොත් සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් ගෙන හයෙන් පහක ආණ්ඩුවක් ගොඩනැගීමට තමා කටයුතු යොදා තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සිය අභ්‍යන්තර කවයේ (Inner Circle) දේශපාලන සමීපතමයින් පිරිසක් සමග කියා තිබේ. 

මේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ඇයගේ අතිශය පෞද්ගලික හිතවතුන් පිරිසක් සමග විශේෂ හෙළිදරව්වක් කරමින් සඳහන් කර තිබෙන්නේ එම පක්ෂයේ සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමඟ බවය.

දැන්වීම

බැසිල් රාජපක්ෂ මහතා එම මන්ත්‍රීවරුන් මාර්ගයෙන් තමාට අවශ්‍ය පරිදි සමගි ජන බලවේගය මෙහෙය වන අතර ඔවුන් මාර්ගයෙන් එම පක්ෂ අභ්‍යන්තරයේ සියලු තොරතුරු ලබා ගනිමින් සිටින බව ද ඇය සඳහන් කර ඇත. ජනාධිපතිවරණය වැනි අතිශය තීරණාත්මක මොහොතක දී එම කණ්ඩායම ආණ්ඩුවට ගැනීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සිය සමීපතමයින් වැඩි දුරටත් කියා තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස යළි කරළියට ගෙන ඒම සඳහා ඔහුගේ අතිශය සමීපතමයෙකු වන ආචාර්ය සේනක ද සිල්වා මහතා සැලසුම් කරමින් සිටින බව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රබලයෙක් "lankanewsweek" කියා සිටියේය. 

සජිත්ගේ සජබය බැසිල් Hijack කරලා
.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගේ සජබය බැසිල් Hijack කරලා | Lanka Newsweek