සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාළ පනත කල් දමා…
මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාළ පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා අඟහරුවාදා (09) උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1