අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබ රජයක් යටතේ 13 ක්‍රියාත්මක කරනවා

සජබ රජයක් යටතේ 13 ක්‍රියාත්මක කරනවා

විපක්ෂ නායක උතුරේ සිට රටටම ප්‍රතිඥාවක් දෙයි සමගි ජන බලවේගයේ රජයක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම සහ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර…

විපක්ෂ නායක උතුරේ සිට රටටම ප්‍රතිඥාවක් දෙයි 

සජබ රජයක් යටතේ 13 ක්‍රියාත්මක කරනවා

සමගි ජන බලවේගයේ රජයක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම සහ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමබන්ධයේ අනෙකුත් දේශපාලන පක්ෂ සහ නායකයින් රටේ ඒ ඒ පළාත්වල දී විවිධ කතා  කියමින් ගියත් තමා එසේ ක්‍රියා නොකරන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමා කිසිසේත් පසුබට නොවන්නේ යැයි ද සහතික විය. 

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, “සක්වල” වැඩ සටහනේ 225 වැනි අදියර යටතේ කිලිනොච්චිය භාරතී විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"අනෙකුත් දේශපාලන පක්ෂ සහ නායකයින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ විවිධ පළාත්වල දී විවිධ බොරු සහ විවිධ කතා කිව්වත් සමගි ජන බලවේග රජයක් යටතේ අප එම සංශෝධනය පූර්ණ ලෙස සහ පැහැදිලිව ක්‍රියාත්මක කරන බව මම කියන්න කැමතියි.

ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් අප ඒ ප්‍රතිඥාව ලබා දුන්නා. අද මේ උතුරටත් ඇවිල්ලා අප තරයේ කියා සිටින්නේ ද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, උත්තරීතර නීති පොතේ තිබෙන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නියත ලෙසම ක්‍රියාත්මක කරන බවයි.

අපේ ඒ පැහැදිලි ස්ථාවරය අප උතුර, නැගෙනහිර, දකුණේ සහ බස්නාහිර ඇතුළු රටේ පළාත් නවයේම ජනතාවට අප පැහැදිලිව ප්‍රකාශය කරනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නට අප මැලි වන්නේ නෑ. පසුබට වන්නේ නෑ. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, නීති පොතේ තිබෙන නීතියක්. ඒ නීති පොතේ තිබෙන නීති ක්‍රියාත්මක කරන්නට අප කටයුතු කරනවා. ඒ ඔස්සේ සියලු ජනයාගේ දේශපාලන අයිතිය, සමාජයීය අයිතිය, ආර්ථික අයිතිය, ආගමික අයිතිය සහ සංස්කෘතික අයිතිය ඇතුළු සියලු අයිතීන් අප ලබා දෙනවා."

සජබ රජයක් යටතේ 13 ක්‍රියාත්මක කරනවා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබ රජයක් යටතේ 13 ක්‍රියාත්මක කරනවා | Lanka Newsweek