අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබ ප්‍රබලයෙකු සේදවත්ත නා හිමි බැහැ දකියි

සජබ ප්‍රබලයෙකු සේදවත්ත නා හිමි බැහැ දකියි

සජබ-එජාප දීගයට කපුවකු උවමනායි..! (කසුන් ලමාහේවා) සමගි ජන බලවේගයේ ප්‍රබලම නායකයකු, කොළඹ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් බැහැ දැක සමාජ-දේශපාලන-සංස්කෘතික සහ ආර්ථික…


සජබ ප්‍රබලයෙකු සේදවත්ත නා හිමි බැහැ දකියි

සජබ-එජාප දීගයට කපුවකු උවමනායි..!

(කසුන් ලමාහේවා) 


සමගි ජන බලවේගයේ ප්‍රබලම නායකයකු, කොළඹ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් බැහැ දැක සමාජ-දේශපාලන-සංස්කෘතික සහ ආර්ථික කාරණා රැසක් ගැන සාකච්ඡා කර තිබේ.

කොළඹ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති යනු හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මතවාදීව සහ දාර්ශනිකව සහය පළ කරන සමාජ-දේශපාලන වශයෙන් ඉතා පළපුරුද්දක්  සහිත සුප්‍රසිද්ධ හිමි නමකි. 

මේ දෙපාර්ශවය අතර ඇති වූ සාකච්ඡාවේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර, ජනතාව රැවටු සහ ජනතා විරෝධී ජාතික ජන බලවේග ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව කළ හැකි පොදු දේශපාලන සටන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

දැන්වීම

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමේ වගකීම අඹන්වල ඥානාලෝක නා හිමියන් භාර ගෙන ඇති අතර ඊට අවශේෂ වශයෙන් නායකයින් දේපල අතර ද මේ වන විටත් නිල  සාකච්ඡා සහ  පණිවිඩ හුවමාරු වෙමින් පවතින බව "lankanewsweek" වෙත තොරතුරු වාර්තා වෙමින් තිබේ.

සජබ ප්‍රබලයෙකු සේදවත්ත නා හිමි බැහැ දකියි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න