සජබ-එජාප එක් කරන සාකච්ඡා ඵලක් නැහැ

ඒ කිසිවක් සාර්ථක නැහැ -පලනි දිගම්බරම් කියයි- සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකම දේශපාලන පක්ෂයක් ලෙස එකට ඒකාබද්ධ කිරීමට සාකච්ඡා කළ ද එම සාකච්ඡා කිසි දිනෙක සාර්ථක නොවන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ…
ඒ කිසිවක් සාර්ථක නැහැ
-පලනි දිගම්බරම් කියයි-

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකම දේශපාලන පක්ෂයක් ලෙස එකට ඒකාබද්ධ කිරීමට සාකච්ඡා කළ ද එම සාකච්ඡා කිසි දිනෙක සාර්ථක නොවන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක සහ සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා අවධාරණය කර සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා මේ බව කියා සිටියේ, ඔහු නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ නුවරඑළිය, හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී සඳුදා (13) පැවති මාධ්‍ය හමුවකදීය.
දැන්වීම
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ස්වාධීනව තනි තනිව කටයුතු කර එළැබෙන සෑම මැතිවරණයකදීම එම පක්ෂ දෙක එකට එක් වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් බලය ලබා ගැනීමට හැකි බවය.
දමිළ ප්‍රගතිශීලි සංධානය එම යෝජනාව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකටම ඉදිරිපත් කර ඇති බව ද දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක සහ සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.