සජබ-එජාප එකතු වෙයි

නිර්දය ලෙස සජිත් විවේචනය කළ තලතා ඔහු අසලින්ම අසුන් ගනී විපක්ෂයට බහුතරය හිමි ආයතන 132ක බලය ඒකාබද්ධව පිහිටු වීමට එකඟ වේ පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරය හිමි වූ කොළඹ මහා නගර සභාව ප්‍රධාන පළාත්…
නිර්දය ලෙස සජිත් විවේචනය කළ තලතා ඔහු අසලින්ම අසුන් ගනී
විපක්ෂයට බහුතරය හිමි ආයතන 132ක බලය ඒකාබද්ධව පිහිටු වීමට එකඟ වේ
පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරය හිමි වූ කොළඹ මහා නගර සභාව ප්‍රධාන පළාත් පාලන ආයතන 132ක බලය එකට ඒකාබද්ධව පිහිටු වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවයක් ඇති විය.
මුළු රටම බලා සිටී මෙම එකඟතාවය ඇති වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සඳුදා (19) පැවති විශේෂ සාකච්ඡාවක දී වන අතර එම සාකච්ඡාවෙන් පසුව ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කෙරිණ.
ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ ව්‍යාපාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිර්දය ලෙස විවේචනය කළ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තලතා අතුකෝරාල මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසලින්ම අසුන් ගෙන සිටීම විශේෂ සිද්ධියක් විය.
