සජබය සහ එජාපය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක්

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් සෙනසුරාදා (24) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ක්ලම්බු ක්ලබ් හීදී පැවැත්වුනා. ඊට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත්, මහලේකම් රංජිත්…
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් සෙනසුරාදා (24) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ක්ලම්බු ක්ලබ් හීදී පැවැත්වුනා.
ඊට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත්, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරත් එක්වූ අතර, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්, එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, එජාපයේ උප සභාපති නවීන් දිසානායක, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ සමගිය හා එක්සත් ජාතික පක්ෂය සමඟ තීරණාත්මක එකමුතුවකට පදනම සකස් කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ජේයෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ද එක්ව සිටියා.
රට මුහුණ දෙමින් ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී එක ඕනෑම මැතිවරණයකට මුහුණදීම පිළිබඳවත්, පක්ෂ දෙකේ ඉදිරි කටයුතු එක්ව සිදු කිරීම පිළිබඳවත් සුහදව සාකච්ජා කෙරුණු මෙම හමුව දහවල් ආහාරය දක්වාම පැවති බව වාර්තා වනවා.
දැන්වීම
මෙම සාකච්ජාව පිළිබඳව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා X සටහනක්ද තබා තිබෙනවා.
