අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයෙන් මන්ත්‍රීවරුන් මිල දී ගැනීම අසාර්ථක වෙලා

සජබයෙන් මන්ත්‍රීවරුන් මිල දී ගැනීම අසාර්ථක වෙලා

අග රදගුරුගේ සහ ඕමල්පේ සෝභිත හිමියන්ගේ විරෝධය ඊට හේතු වෙලා රනිල් වෙනුවෙන් මන්ත්‍රීවරුන් මිල දී ගන්නේ වජිර-සාගල-දිනේශ් රනිල් කපෝතියි..! පාර්ලිමේන්තුවේ 113 පෙන්වා බලය තහවුරු කර ගැනීම සඳහා සමගි ජන…

අග රදගුරුගේ සහ ඕමල්පේ සෝභිත හිමියන්ගේ විරෝධය ඊට හේතු වෙලා 

රනිල් වෙනුවෙන් මන්ත්‍රීවරුන් මිල දී ගන්නේ වජිර-සාගල-දිනේශ් 

රනිල් කපෝතියි..! 

පාර්ලිමේන්තුවේ 113 පෙන්වා බලය තහවුරු කර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් මිල දී ගැනීමට නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ කුප්‍රකට කණ්ඩායම දැරූ උත්සාහය මේ වන විට අසාර්ථක වී තිබේ.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ ජන මතය නොතකා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීම සහ එම ධූරය භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට එරෙහිව අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන් ප්‍රධාන සර්වාගමික නායකයින් දක්වා තිබෙන විරෝධතාවය බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ පවසති.

එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වීමට සිටී සමගි ජන බලවේගයේ විශාල මන්ත්‍රීවරුන් පිරිසක්, අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු සර්වාගමික නායකයින්ගේ විරෝධතාවය හමුවේ සිය තීරණය හකුළා ගනිමින් ආපසු හැරුණේ යැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයෙක් "lankanewsweek" සමග පැවැසීය.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ කාර්ය භාරයේ යෙදී සිටින්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක සහ දිනේෂ් වීරක්කොඩි යන මත්වරුන් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.     

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබයෙන් මන්ත්‍රීවරුන් මිල දී ගැනීම අසාර්ථක වෙලා | Lanka Newsweek