අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සංචාරක කර්මාන්තය දියුණු කිරීමටනම් සුරක්ෂිත රටක් අත්‍යාවශ්‍යයි

සංචාරක කර්මාන්තය දියුණු කිරීමටනම් සුරක්ෂිත රටක් අත්‍යාවශ්‍යයි

කොළොන්නාව නගරයේ ඊයේ (31) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් පැවති අතර රැලිය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති…

කොළොන්නාව නගරයේ ඊයේ (31)  දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් පැවති අතර රැලිය  අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ තම පාලනයක් යටතේ ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත් කරන බවයි.

සුරක්ෂිත රටක් තුල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කිසිඳු ගැටළුවක් ඇති නොවන බවත් එතුමා සදහන් කළේය.

රට සුරක්ෂිත කිරීම තුළින් සංචාරකයින් මෙරටට ගෙන්වා ගත යුතු බවත් ඒ ඔස්සේ විරැකියාවෙන් පෙලන ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සලසා දිය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සංචාරක කර්මාන්තය දියුණු කිරීමටනම් සුරක්ෂිත රටක් අත්‍යාවශ්‍යයි | Lanka Newsweek