අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සංචරණ සීමා ඉවත් කිරීම කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවෙයි

සංචරණ සීමා ඉවත් කිරීම කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවෙයි

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම රටෙන් කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවන බවත් ජනතාව බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් රටේ කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බවත් යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා…

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම රටෙන් කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවන බවත් ජනතාව බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් රටේ කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බවත් යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ සඳුදා (01) නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී රණවිරුවන්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩ පිළිවෙලකට සහභාගී වෙමින් වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

රටේ ජනතාව සිදුකල කැපකිරීම නිසා තමයි මෙවැනි තත්ත්වයක් වුවත් අපට ලබාගැනීමට හැකි වුණේ. රටේ ජනතාව කොහොමත් බුද්ධිමත්. ඔවුන් ක්‍රියාකරපු විදියට තමයි මේ තත්ත්වයට හෝ කොවිඩ් රෝගය පාලනය කරගැනීමට හැකි වුණේ. මේ වන විට රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත් මාත්‍රා 2කම ලබා දී තියෙනවා.

දැන්වීම

වයස අවුරුදු 16ට වැඩි හා සියලු දෙනා මාත්‍රා එකක් හෝ ලබා ගෙන තියෙනවා. මෙවැනි පසුබිමක් යටතේ කොවිඩ් ආසාදිතයින් 500ක් 600ක් හමුවන පසුබිමක දී අනිවාර්යයෙන් ම බුද්ධිමත්ව රටේ ජනතාව ක්‍රියාකළ යුතුයි.

එසේ නොවුණහොත් ඉදිරියේ දී මෙම කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමට පවා හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ම ඊයේ දිනයේ දී පළාත් අතර සංචරණ සීමාවන් මාස කිහිපයකට පසුව ඉවත් කරනු ලැබු අතර රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා විශේෂයෙන් ම සහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් ම කොවිඩ් රටෙන් ඉවත් වූ බවට සහතිකයක් නොවෙයි. ඒ නිසා කොවිඩ් රටේ තිබෙන නිසා ආසාදිතයින් දිනපතා හමුවන නිසා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන් ම මුඛ ආවරණයක් පැලඳ නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සංචරණ සීමා ඉවත් කිරීම කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවෙයි | Lanka Newsweek