අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සංගීත ප්‍රසංගයකදී පුද්ගලයෙකු මරුට

මිනී මරුවන්ට ඇඳ කෝටිපතියන් බිය ගන්වා කප්පම් ඉල්ලූ යුවළ මාට්ටු

(නිලන්ති චන්ද්‍රසේන) ඊයේ (21) රාත්‍රියේ නිට්ටඹුව අත්තනගල්ල ප්‍රදේශයේ පවතී සංගීත ප්‍රසංගයක් අතර තුර සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා…

(නිලන්ති චන්ද්‍රසේන)

ඊයේ (21) රාත්‍රියේ නිට්ටඹුව  අත්තනගල්ල ප්‍රදේශයේ පවතී සංගීත ප්‍රසංගයක් අතර තුර සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් ඇතුළු තවත්  පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාසඳහන් කරන්නේ, වෙඩි තැබීමට පුද්ගලයින් 04 දෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ ඇති අතර මේ වන විට සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස්  ඇති අතර සැකකරුවන් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති  බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි හෙයියන්තුඩුව, දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව 27 හැවිරිදි ගැබිණි කාන්තාවක් වන අතර මේ වන විට ඇය ශල්‍යකර්මයකට යොමු කිරීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර සිද්ධියෙන්  තුවාල ලැබූ එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සංගීත ප්‍රසංගයකදී පුද්ගලයෙකු මරුට | Lanka Newsweek