ශිරන්තිගේ ඥාතියා නිසා Peoples Leasing අනතුරේ..!

ශමේන්ද්‍ර මර්සලින් People's Leasing ප්‍රධානියා වුණේ දේශපාලන ඥාති සංග්‍රහයෙනුයි සේවක සේවිකාවෝ චෝදනා කරති People's Leasing & Finance PLC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ශමේන්ද්‍ර මර්සලින් මහතා සිය…
ශමේන්ද්‍ර මර්සලින් People's Leasing ප්‍රධානියා වුණේ දේශපාලන ඥාති සංග්‍රහයෙනුයි
සේවක සේවිකාවෝ චෝදනා කරති
People's Leasing & Finance PLC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ශමේන්ද්‍ර මර්සලින් මහතා සිය දේශපාලන හයිය සහ තනතුර අවභාවිතය කරමින් එම ආයතනය විනාශ කර බව එහි සේවක සේවිකාවෝ චෝදනා කර සිටිති.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ළගම ඥාතියෙකු වන ශමේන්ද්‍ර මර්සලින් මහතා People's Leasing & Finance PLC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූයේ එම දේශපාලන සම්බන්ධතා සහ බලපෑම් මතය.
සිය අතිශය සමීපතම මිත්‍රයෙකු අජිත් නිවාන්කබ්රාල් මහතා සමග එක්ව People's Leasing & Finance PLC හී සභාපතිවරයා වන සුජීව රාජපක්ෂ මහතා ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලයට බලපෑම් කරමින් ඔවුන් යටත් කර ගෙන මොහු සිදු කරන දූෂණ, වංචා, අක්‍රමිකතා සහ අනිසි ක්‍රියා හේතුවෙන් එම ආයතනය කඩා වැටෙමින් පවතින බවට ද එම සේවක සේවිකාවෝ චෝදනා කර සිටිති.