ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානය හෙට (26) එළිදකී..!

දේශපාලන පක්ෂ 10ක් අවබෝධතා ගිවිසුමට අත්සන් තබති..! තවත් දේශපාලන පක්ෂ 20ක් එක්ක සාකච්ඡා දිගටම..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ…
දේශපාලන පක්ෂ 10ක් අවබෝධතා ගිවිසුමට අත්සන් තබති..!
තවත් දේශපාලන පක්ෂ 20ක් එක්ක සාකච්ඡා දිගටම..!

(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්ෂ 10ක් එම පෙරමුණ සමග සිකුරාදා (26) නිල වශයෙන් සන්ධාන ගත වෙති.
දැන්වීම
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාමයේ පිහිටි ඔහුගේ නිල නිවසේදී උදැසන 9.00ට යේදී තිබෙන සුභ මොහොතින් සිදු කෙරේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙසේ අලුතින් එක් වන්නේ, තමිල් එක්සත් නිදහස් පෙරමුණ,ලංකා කම්කරු එක්සත් පෙරමුණ,නව සිහල උරුමය,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය,ලිබරල් පක්ෂය සහ මව්බිම ජනතා පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10කි.
ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන තවත් දේශපාලන පක්ෂ 20ක් සමග සකච්ඡා ආරම්භ කර තිබෙන අතර එම පක්ෂ ද දෙවැනි සහ තෙවැනි වටයේදී එම පෙරමුණ සමග සන්ධාන ගත වනු ඇතැයි එම පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.