ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරා ගන්න

(හේමන්ත තුසිත කුමාර) තම පියා බිහිකළ පක්ෂයේ පක්ෂ සංවිධාන රාමුව තම මව නිර්මාණය කල අතර තමන් පක්ෂය ශක්තිමත් කල බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසන්නීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට අත්ව ඇති…
(හේමන්ත තුසිත කුමාර)
තම පියා බිහිකළ පක්ෂයේ පක්ෂ සංවිධාන රාමුව තම මව නිර්මාණය කල අතර තමන් පක්ෂය ශක්තිමත් කල බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසන්නීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට අත්ව ඇති ඉරණමට තමාද වග කිවයුතු බවත් ඒ තමන් පක්ෂයට කල දේවල් නිසා නොව තමන් පක්ෂයට නොකළ දේවල් නිසා යැයි ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය තව දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 70 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වන අතර එහි මෙසේ ද සඳහන් විය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සමරන අවස්ථාව වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ. වත්මන් පක්ෂ නායකයන් විසින් අප ආදරණීය පක්ෂයට සිදු කර තිබෙන විනාශය දෙස ඉතාමත් වේදනාවෙන් බලා සිටිමින්, සැබෑ බණඩාරනායක ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන, ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නායකත්වය ගන්නා මෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මම ඉතා ඕනෑකමින් ආරාධනා කර සිටිමි. "