අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුටත් කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුටත් කොවිඩ්

(හේමන්ත තුසිත කුමාර) එංගලන්ත සංචාරයෙන් පසුව නැවත ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හට Covid-19 රෝගය වැළඳී ඇතැයි බ්‍රහස්පතින්දා(08) තහවුරු විය. එළඹෙන ජුලි 13 ඇරඹීමට…

(හේමන්ත තුසිත කුමාර)

එංගලන්ත සංචාරයෙන් පසුව නැවත ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හට Covid-19 රෝගය වැළඳී ඇතැයි බ්‍රහස්පතින්දා(08) තහවුරු විය. එළඹෙන ජුලි 13 ඇරඹීමට නියමිත ඉන්දියාවට එරෙහි  තරගමාලාවට මෙම සිදුවීම කෙසේ බලපානු ඇත්ද යන්න දැනට පැහැදිලි නැත. එංගලන්තයේ සිට පැමිණි කිසිදු ක්‍රීඩකයෙකු හට මෙතෙක් Covid-19 වැළඳී නොමැති අතර Covid-19 වැළඳුනු එකම පුද්ගලයා ග්‍රාන්ට් ෆ්ලවර් වෙයි.
එංගලන්ත සංචාරයෙන් පසුව මෙරටට පැමිණි සියලු ක්‍රීඩකයන් වෙන වෙනම කාමරවල හුදෙකලාවී නිරෝධායනය වෙමින් සිටින සිටින බැවින් ඔවුන් හට එය බල නොපානු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න