අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය අංශ ප්‍රධානියා අත්අඩංගුවට..!

කාන්තාවන් දෙදෙනෙක් කෝටි 03ක් චංචා කරලා..!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙනුයි.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් හිමිවිය යුතු මුදලේ පළමු වාරිකය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට  උත්සහකිරීමේදී,  දකුණු අප්‍රිකානු තරගාවලියේ ද මුදල් ද  පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බවට තොරතුරු අනාවරණ විය.

හෙට (23) පියල් නන්දන දිසානායක මහතා  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය අංශ ප්‍රධානියා අත්අඩංගුවට..! | Lanka Newsweek