අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා -එංගලන්ත දෙවැනි එක්දින තරඟය අද පැවැත්වේ..!

ශ්‍රී ලංකා -එංගලන්ත දෙවැනි එක්දින තරඟය අද පැවැත්වේ..!

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර පවතින එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය පැවසුවේ අද පවතින…

ශ්‍රී  ලංකාව සහ  එංගලන්ත අතර පවතින  එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය  අද (13) රංගිරි දඹුලු  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  අකිල ධනංජය පැවසුවේ අද පවතින තරඟයේදී  ලකුණු 275 කට වඩා අඩු සංඛ්‍යාවකට ප්‍රතිවාදී එංගලන්තය සීමා කිරීමට උත්සාහ කරන බවයි.

මේ අතර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට් පැවසූවේ, ශ්‍රී ලංකා තණතිලිවල සාර්ථක ලෙස ලකුණු රැස් කළ හැකි බව සනාථ කිරීමට තම කණ්ඩායම මේ තරඟයේදී උත්සහ කරන බවයි.

තවද ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග එක්දින ලකුනු 7000 සීමාව පසු කිරීමට තවත් ලකුණු 64 ක් පසු පසින අතර  එංගලන්තයේ ජොනී බෙයාස්ටෝව්ට මේ වසර තුළ එක්දින ක්‍රිකට් ලකුණු 1000 සීමාව පසු කිරීමට ලකුණු 5 ක්  අවශ්‍යව ඇත.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල රන්ගිරි ජාත්‍යන්තර  ක්‍රීඩාංගනයේදී තරඟයක් ජයගෙන ඇත්තේ  2014 වසරේදීය.  එබැවින් මෙම තරඟය  ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් වැදගත් තරගයක්  වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා -එංගලන්ත දෙවැනි එක්දින තරඟය අද පැවැත්වේ..! | Lanka Newsweek