අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක්

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක්

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් යන මහත්වරුන් අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටලු විසඳීම…


කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් යන මහත්වරුන් අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා වන විශේෂ හමුවක් බ්‍රහස්පතින්දා (26) පැවැත්විණි.

ඉතාලි  රජය සහ ශ්‍රී ලංකා රජය අතර කම්කරු සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම අලුත් කිරීම, ඉතාලියේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ඉතාලි රජය අනුග්‍රහය දක්වන මෙම වැඩ සටහන හරහා ඉතාලියේ රැකියා අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට එරට බලා පිටත්වීට පෙර පුහුණුවක් දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

එමෙන්ම ඉතාලියේ රැකියා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව තානාපතිවරයාගේ අවධානය යොමු කරමින් කෝටා ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද තානාපතිවරයාව දැනුම්වත් කිරීමට ද මනුෂ නානායක්කාර මහතා ක්‍රියා කර ඇත. 

ඉතාලියේ රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතන නොමැතිකම පැහැදිලි කළ තානාපතිවරයා එම තත්ත්වය හේතුවෙන් ඉතාලියේ රැකියා වෙළඳපොළ වෙනත් බොහෝ රාජ්‍යන්ට වඩා වෙනස්  බවද සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක් | Lanka Newsweek