අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් ඇඟ කිළිපොලා යන අනාවැකියක්

ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් ඇඟ කිළිපොලා යන අනාවැකියක්

ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දී 9.2%කින් සහ 2023 වසරේදී තවත් 4.2%කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර සිටියි. ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 අතර කාල සීමාවේ දී ශ්‍රී…

ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දී 9.2%කින් සහ 2023 වසරේදී තවත් 4.2%කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර සිටියි.

ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 අතර කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඇස්තමේන්තු 25.6% දක්වා දෙගුණ වී ඇති අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.7ක් වන බව ද ලෝක බැංකුව අවධාරණය කර සිටියි.

මෙම දත්ත ඇතුළත් වන්නේ දකුණු ආසියානු රටවල්වල ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුව වසරකට දෙවරක් නිකුත් කරන වාර්තාවේ වන අතර එමගින් ලෝක බැංකුව තව දුරටත් පෙන්වා දෙන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් වන බවය.

ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින ජනයා ආරක්ෂා කිරීම ඉතා වැදගත් වන අතර සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි සිය අවධානය යොමු කරන බව ද ලෝක බැංකුව පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් ඇඟ කිළිපොලා යන අනාවැකියක් | Lanka Newsweek