ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වැවිලි ඇමතිගේ මැදිහත්වීමෙන් නුවරඑලියට

ඔස්ට්‍රියාවේ අනුග්‍රහය-ජර්මන් තාක්ෂණය නවීන් දිසානායකගෙන් නුවරඑළියට අමතක නොවන තෑග්ගක් වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට සහ මැදිහත්වීමකට…
ඔස්ට්‍රියාවේ අනුග්‍රහය-ජර්මන් තාක්ෂණය
නවීන් දිසානායකගෙන් නුවරඑළියට අමතක නොවන තෑග්ගක්

වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට සහ මැදිහත්වීමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියේ ක්‍රියාත්මක කිරීම සඳහා ඔස්ට්‍රියාවේ සමාගම් ඉදිරිපත් වී සිටියි.
යුරෝ මිලියන 28.8 වැය කරමින් ජර්මන් තාක්ෂණය උපයෝගී කර ගෙන මේ කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතවන අතර මේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම නුවරඑළිය මහා නගර සභා පරිශ්‍රයේදී ඉරිදා (13) වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
දැන්වීම
ඔස්ට්‍රියානු සමාගමක් වන OUTDOOR LIMITED කොන්ත්‍රාත් ආයතනයේ අධ්‍යක්ෂ OSUWAL සහ නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න යන මහත්වරුන් අතර මේ ගිවිසුම අත්සන්ත්ස තැබීම සිදු විය.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මේ කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා 2019 ජූලි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණු අතර මේ කේබල් කාර් ව්‍යාපෘතිය මගින් සංචාරකයින්ගේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවමින් වැඩි ආදායමක් උපයා ගැනීමටත් අපේක්ෂා කෙරේ.
මගීන් දහය බැගින් රැගෙන යා හැකි කාර් 86 ක් ධාවනයේ යෙදවීමට මේ ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති අතර පළමු අදියරේදී මෝටර් රථ 43 ක් ධාවනයේ යොදවනු ඇත. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා නුවරඑළිය නානු ඔය දුම්රිය ස්ථානය,තුරඟ තරඟ පිටිය සහ තනි ගහ කන්ද සම්බන්ධ කරමින් කුළුණු 21ක් ඉදිකර ඒ මත කේබල් පද්ධතිය එළීමට නියමිතය.