ශ්‍රී ලංකාවේ ණය අර්බුදයෙන් ගෝලීය ආර්ථිකයටත් බලපෑම්

ශ්‍රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්‍රී ලංකාවට පමණක් නොව ණය ලබා දුන් පාර්ශ්වයන්ටද අයහපතක් වන බව ජාත්‍යන්තර මූල්‍ය…
ශ්‍රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්‍රී ලංකාවට පමණක් නොව ණය ලබා දුන් පාර්ශ්වයන්ටද අයහපතක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ සමාලෝචන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාර්ක් ෆ්ලැනගන් මහතා අවධාරණය කරන සිටියි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වනවා සේම ණය ලබා දුන් රටවලටද තම ණය අය කර ගැනීමට ඇති හැකියාව අවම කරන බව මාර්ක් ෆ්ලැනගන් මහතා පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කළ යුතු බවත් ණය අර්බුද විසඳීමේදී ණය හිමියන් ණය දුන් රටවල් සමඟ ස්ව කැමැත්තෙන් එකඟතාවයකට පැමිණි වැදගත් බවත් මාර්ක් ෆ්ලැනගන් මහතා පවසයි.
ගෝලීයව ණය අර්බුදයට මුහුණදී සිටින රටවල්වල ණය අර්බුදය කාලයට සුදුසු පරිද්දෙන් විසඳා නොගතහොත් එම තත්ත්වය ගෝලීය ආර්ථිකයටද බලපාන බව මාර්ක් ෆ්ලැනගන් මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.