අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිප සභාපති ධුරයට චන්ද්‍රිකා?

ශ්‍රීලනිප සභාපති ධුරයට චන්ද්‍රිකා?

(සුමුදු පෙරේරා) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත් කර අමාත්‍ය ධුරයක්ද ලබා දී ඉදිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී පක්ෂයේ නව…

(සුමුදු පෙරේරා)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත් කර අමාත්‍ය ධුරයක්ද ලබා දී  ඉදිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී පක්ෂයේ නව සභාපතිනිය ලෙස පත් කිරීමේ  සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය ලෙස පත් කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහෂස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් සහය පළ කිරීමට සුදානමින් සිටින බවද එම ආරංචි මාර්ග  වැඩිදුරත් සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  බලයට පත් කිරීම සදහා ගෙන යන  වැඩපිළිවෙළට එරෙහිව විනය ක්‍රියා මාර්ග  ගෙන ඒ අය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීම සදහා  හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය පක්ෂයේ සභාපතිනිය ලෙස පත් කළ යුතු බව අදාළ කණ්ඩායමේ මතය වී ඇති බවද දැනගන්නට තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රීලනිප සභාපති ධුරයට චන්ද්‍රිකා? | Lanka Newsweek