අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිප ප්‍රබලයින් දෙදෙනකු අද පොහොට්ටුවට?

පොහොට්ටුව කොළඹින් පිපෙයි

(අශන්ති වර්ණසුරිය) සබරගමුව සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (06) එක්වීමට නියමිත බව දැන ගන්නට තිබේ. මේ ප්‍රබලයින් දෙදෙනා කඩවත…

(අශන්ති වර්ණසුරිය)

  සබරගමුව සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (06) එක්වීමට නියමිත බව දැන ගන්නට තිබේ. මේ ප්‍රබලයින් දෙදෙනා කඩවත නගර මධ්‍යයේ අද(06) හවස 2.00  ට පැවැත්වෙන ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ මංගල  ජන රැලියේදී එම පෙරමුණ සමග එක්වනු ඇතැයි පැවසේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග ඊයේ(05) මධ්‍යම  රාත්‍රී වන තුරු සිදු කෙරුණ සාකඡාවල ප්‍රතිපලයක් ලෙස මේ පියවර ගනු ලැබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කඩවත ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රීලනිප ප්‍රබලයින් දෙදෙනකු අද පොහොට්ටුවට? | Lanka Newsweek