ශ්‍රීලනිප අර්බුදය එංගලන්තයත් උණුසුම් කරයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) සම්මුතිවාදී යහ පාලන ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත් සමග තව දුරටත් ඉදිරියට ගෙන යනවා ද නැති නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යනවා ද යන කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
(සුජිත් මංගල ද සිල්වා)
සම්මුතිවාදී යහ පාලන ජාතික ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත් සමග තව දුරටත් ඉදිරියට ගෙන යනවා ද නැති නම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යනවා ද යන කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වයට අදාළව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කරුණු සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනක් මේ වන විට එංගලන්තයට ද සිටිති.
එංගලන්තයේ විශේෂ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා සමග මේ කරණය සම්බන්ධයෙන් මෙසේ කරුණු සාකච්ඡා කිරීම සඳහා හදිසියේම එරටට ගොස් සිටින්නේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා,ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සිකුරාදා (16) මුලින්ම එංගලන්තය බලා පිටත්ව ගිය අතර මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් එරට බලා ගොස් තිබෙන්නේ ඊයේ (18) රාත්‍රියේය.
මේ මන්ත්‍රීවරුන්ගේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සංචාරය අතර තුර දී ඔහු විවේකීව සිටින අවස්ථාවක් සොයා ගෙන මේ ප්රශ්නය සම්බන්ධයෙන් ඔහු සමග පුද්ගලිකව කරුණු සාකච්ඡා කිරීමය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
