අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රීලනිපයේ 17ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කරති..!

තිලංග-දයාසිරි-නිමල් සිරිපාල රහස් සාකච්ඡාවක..!

එස්.බී-තිලංග-නිමල් සිරිපාල සටන අත හැරලා..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා…

එස්.බී-තිලංග-නිමල් සිරිපාල සටන අත හැරලා..!

ශ්‍රීලනිපයේ 17ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කරති..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 ක් තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ මේ මන්ත්‍රී කණ්ඩායම සිය අවසන් තීරණය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරමින් සිටින විට,  නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල,අමාත්‍යවරුන් වන එස් බී දිසානායක සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ද හදිසියේම එම ස්ථානයට පැමිණ තිබේ.

විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබාදීමට තරම් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සොයා ගැනීමට නොහැකි වූ බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පෙන්වා දී ඇති  එස් බී දිසානායක,තිලංග සුමතිපාල සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්,උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සටනින් පසු බෑමට සිදුව තිබෙන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රීලනිපයේ 17ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කරති..! | Lanka Newsweek