අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට..!

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට..!

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අරලග සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක ඉදිකර තිබූ නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු…

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අරලග සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක ඉදිකර තිබූ නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

අරගල සමයේ ගිනි තැබූ සෙවනගල - කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ රජයේ ඉඩමකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා රජයේ වන්දි මුදල් ලබාගැනීමේ සිදුවීමකට අදාළව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ එලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
 
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේදීය. 

දැන්වීම

අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙනවිත් ඇති අතර, මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ශෂීන්ද්‍ර රාපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න