අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශර්ලින් චොප්රා "play boy" එක්ක නිරුවත් වෙයි..!

ශර්ලින් චොප්රා “play boy” එක්ක නිරුවත් වෙයි..!

(ඉන්දික ප්‍රියන්ත) ජනප්‍රිය ඉන්දීය නිලි ශර්ලින් චොප්රාගේ නිරුවත් ඡායාරුප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත්වී තිබෙනවා.34 හැවිරිදි ‘කාම සුත්‍ර’ නිළිය අදාළ ඡායාරූප පෙළට පෙනී සිට ඇත්තේ සුප්‍රකට "play boy"…

(ඉන්දික ප්‍රියන්ත)

ජනප්‍රිය ඉන්දීය නිලි ශර්ලින් චොප්රාගේ නිරුවත් ඡායාරුප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත්වී තිබෙනවා.34 හැවිරිදි ‘කාම සුත්‍ර’ නිළිය අදාළ ඡායාරූප පෙළට පෙනී සිට ඇත්තේ සුප්‍රකට "play boy" සඟරාව වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීම නිසා ඉන්දියානු සිනමා කර්මාන්තයේ දැඩි ආන්දෝලනයක් හට ගෙන ඇති අතර බොහෝ දෙනෙකු ශර්ලින් චොප්රා  විවේචනය කිරීමද අරඹා තිබෙනවා.කෙසේ වෙතත් ඉන්දියානු නිළියකගේ නිරුවත් ඡායාරූප "play boy"  සඟරාවේ පළ වන්නේ පළමු වරට වීම විශේෂත්වයයි.

"කවුරුවත් කියන දේවල් මට අදාළම නෑ.එහෙනම් මට වැඩිය සනී ලියොන් කොයි තරම් දේවල් කරලා තියෙනවද?ඒවා එක්ක බැලුවම මේවා මොනවද..? සිය තීරණය සාධාරණිකරණය කරන ශර්ලින් චොප්රා  එසේ පැවසු බවද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දැන්වීම

කිම් ශර්මාට එරෙහිව පෙම්වතෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්..!

ශර්ලින් චොප්රා "play boy" එක්ක නිරුවත් වෙයි..!

සරාගී නිලි කිම් ශර්මාට එරෙහිව ඉන්දියාවේ  මුම්බායි පොලිසිය වෙත ඇගේ පෙම්වතකුගෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ ඇය ඔහුට අයත් සුඛෝපභෝගී වාහනයක් නැවත ලබා නොදී රඳවාගෙන ඇති බව පවසමින්.

කිම් ශර්මට එරෙහිව මෙසේ චෝදනා ඉදිරිපත් කර ඇත්තේ රාජස්ථානයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිප් කුමාර් නැමැත්තෙක්.ප්‍රකට නිළි කිම් ශර්මා වෙත ඔහු තාවකාලිකව ලබා දුන්  මෝටර් රථය Range Rover SUV වර්ගයේ එකක් බවයි පැවසෙන්නේ.දෙදෙනා අතර සම්බන්ධය  බිඳ වැටීමෙන් පසුව තමා නැවත සිය මෝටර් රථය ලබා දෙන ලෙස ඉල්ලා සිටියද කිම් ශර්මා එම ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ බවයි ඔහු පොලිසිය වෙත පවසා ඇත්තේ.

"අපි අතරේ රහස් සම්බන්ධයක් තිබුණා.මේ මෝටර් රථයට වැඩි දේවලුත් ඔහු  මට දීලා තියෙනවා.ඒත් මේ මෝටර් රථය දැන් මගේ වෙලා ඉවරයි" මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසු මාධ්‍ය වේදියකුට කිම් ශර්මා  එසේ පවසා තිබෙනවා

සනී කරපුවා රාකී මැරුවත් කරන්නේ නැහැ ලු..!

ශර්ලින් චොප්රා "play boy" එක්ක නිරුවත් වෙයි..!

සනී ලියොන් සහ රාකී සාවන්ත් යන සරාගී නිලියන් දෙදෙනා අතර පවතින සිතල යුද්ධය නැවතත් කරළියට පැමිණ තිබෙනවා.බොලිවුඩයේ සිටි සරගිතම නිළිය වූ රාකී සාවන්ත් සිය ස්ථානය සනී ලියොන් විසින් පැහැර ගැනීම නිසා කෝපයෙන් සිටි බවයි මිට පෙර වාර්තා වුණේ.

දෙදෙනා අතර මෙවර ආරවුලට හේතුව සනී ලියොන් විසින් රාකී සාවන්ත්ගේ දුරකථන අංකය සහ ඊ මේල් ලිපිනයන් වැඩිහිටි සිනමා කර්මාන්තකරුවන්  වෙත ලබා දීම බවයි පැවසෙන්නේ.ඒ හේතුවෙන්  එවන් සිනමා නිර්මාණ සිදු කරන ආයතන ගණනාවකින් තමාට දුරකථන  ඇමතුම් ලබා දී තමාගේ  සෞඛ්‍ය තත්වය සහ මිල ගණන් විමසන බව රාකී සාවන්ත්  පසුගියදා මාධ්‍ය වෙත හෙළි කර තිබුණා.

"ඉන්දියාවේ සිනමාපටවල මොන සෙල්ලම් දැම්මත් මේ රාකී සාවන්ත්  ඔය වැඩිහිටි සිනමාවට නම්  මැරුණත් යන්නේ නෑ.මම නියම ඉන්දියානු කෙල්ලෙක්.ඔය සනී ලියොන්  වහේ අම්මෙක් අප්පෙක් නැති ගැනියක් නෙවෙයි මම" එම සිදුවීම සම්බන්ධයෙන්  සනී ලියොන්  වෙත දෙහි ලොරියක්ම කැපු රාකී සාවන්ත් කියා සිටියේ එහෙමයි.

ජෝන් සීනාට බූට් එකක් වදියිද?

ශර්ලින් චොප්රා "play boy" එක්ක නිරුවත් වෙයි..!

ජනප්‍රිය මල්ලව පොර ක්‍රීඩක ජෝන් සීනා සහ ඔහුගේ පෙම්වතිය වන නිකි බෙලා සිය විවාහය සම්බන්ධයෙන්  මත භේදයක පැටලී  සිටින බව පසුගියදා වාර්තා වුණා.

කලක් කිරියි පැණියි වගේ ආදරයෙන් කල් ගෙවූ මේ යුවළ මේ වසරේදී විවාහ වනු ඇති බවයි මිට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ.නිකී බෙලා  ඉක්මනින්ම දරු සුරතල් බැලීමට කැමැත්තෙන් පසු වුවත් ජෝන් සීනා  ඊට එතරම් කැමැත්තක් නොදැක්වීම දෙදෙනා අතර සිත් බිඳීමට හේතුව බවත් පැවසෙනවා.

"ඔහුගේ පෙනුම මාව ආකර්ෂණය කළත් ඔහුගේ සිතුවිලි දිනෙන් දිනම මාව ඔහුගෙන් ඈත් කරනවා.මට ඕන පවුලක් වෙනුවෙන් කැප වෙන ආදරයක් .ඒක නිසා ඉදිරියේදී අපිට තීරණයක් ගන්න වෙයි" ජෝන් සීනාගේන් වෙන්වීමට ඇති අදහස මාධ්‍ය  වෙත වටෙන් ගොඩෙන් පවසන  නිකි බෙලා  එසේ සඳහන් කර තිබුණේ  ජනප්‍රිය රුපවාහිනී වැඩසටහනකදියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ශර්ලින් චොප්රා "play boy" එක්ක නිරුවත් වෙයි..! | Lanka Newsweek