අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..!

වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..!

පෙරහැරේ කරඬුව වැඩමවීම තානාපති මහින්දගේ සුරතින් ඇමරිකවේ වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ශ්‍රී ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.…

පෙරහැරේ කරඬුව වැඩමවීම තානාපති මහින්දගේ සුරතින්

වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..!

ඇමරිකවේ වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ශ්‍රී ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.

වස් සමාදන්ව සිටි කැනඩාවේ ප්‍රධාන සංඝ නායක පඤ්ඤාලෝක නා හිමි, විහාරස්ථානාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක ගේදර්ස්බර්ග් පඤ්ඤාසීහ, භාවනා  මධ්‍යස්ථානාධිපති මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නාහිමි, වැයිහේනේ (ගාල්ල) ධම්මසිරි නා හිමි සහ වතුලියද්දේ රතනසීහ නා හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණ.

දැන්වීම

විශේෂ ධර්ම දේශනා, බුද්ධ පූජාව, බෞද්ධ සංස්කෘතිකාංගවලින් සැදුම්ලත් විචිත්‍ර පෙරහැරක් ද වීදි සංචාරය කළ අතර ධාතු කරඬුව වැඩම වූයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිජහ මහතාගේ සුරතිනි. දහවල් සංඝ ගත දක්ෂිණාවෙන් පසු පැමිණ සිටි සියලු දෙනාට දිවා භෝජනයද පිරිනැමිණි.

වොෂින්ටන් තානාපතිතුමා සහ එම කාර්ය මණ්ඩලය, මෙට්‍රොපොලිටන් හි බෞද්ධ සැදැහැවතුන් සහ වියට්නාමයේ බෞද්ධයන් පිරිසක් මෙවර පිංකමට දායකත්වය සහ අනුග්‍රහය දක්වා තිබිණ.

වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..!

වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..! | Lanka Newsweek