විශ්වාස භංගය මහා ජන අවශ්‍යතාවයක් නොවෙයි..!

රට මුහුණ පා ඇති ඉරණමට ජනපති-අගමැති වග කිව යුතුයි (සුමුදු පෙරේරා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදරිපත් කර තිබෙන්නේ රටෙත් මහ ජනතාවගේත් අවශ්‍යතාවය මත නොව ඒ ඒ දේශපාලන…
රට මුහුණ පා ඇති ඉරණමට ජනපති-අගමැති වග කිව යුතුයි
(සුමුදු පෙරේරා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදරිපත් කර තිබෙන්නේ රටෙත් මහ ජනතාවගේත් අවශ්‍යතාවය මත නොව ඒ ඒ දේශපාලන පක්ෂ සහ පුද්ගලයින්ගේ බල දේශපාලන අරමුණු වෙනුවෙනුයි.
ජනතාව ඉල්ලා සිටින්නේ ඒ ඒ දේශපාලන පක්ෂ සහ නායකයින්ගේ බලය තහවුරු කෙරෙන විශ්වාස භංග යෝජනා නොවන නිසා ජනතාව ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන නමුත් ජනමාධ්‍යට නම් සිද්ධීන් ලොකු ප්රවෘත්ති විය හැකියි.
දැන්වීම
මේ විශ්වාස භංගයට අත්සන් කළ ඒකාබද්ධ විපක්ෂයේ ද ඊට දැනට අත්සන් කර ඇති සහ ඉදිරියේදී අත්සන් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ද අරමුණ වන්නේ රට ජනතාව නොව කෙසේ හෝ සිය බලය තහවුරු කර ගැනීමයි.
කෙසේ නමුත් 2015 ජනවාරි 8 වැනිදා ජන වරමක් මගින් ජනතාව පැවරු වගකීම්,කාර්ය භාරයන් සහ යුතුකම් ඉටු නොකර ඉතාම අපරිණත දේශපාලනයක් එකිනෙකාට එරෙහිව ඇණ කොටා ගෙන රට මේ අස්ථාවර තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඍජුව වග කිව යුතුයි.