අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්වාස භංගය ගැන ශ්‍රීලනිප මුනි වත රකියි..?

රෑ ගත්ත තීන්දුව ජනපති උදේ වෙනස් කරයි..!

මධ්‍යම කාරක සභාව-මන්ත්‍රී කණ්ඩායම මීයට පිම්බා වගේයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (20) පැවති ශ්‍රී ලංකා…

මධ්‍යම කාරක සභාව-මන්ත්‍රී කණ්ඩායම මීයට පිම්බා වගේයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (20) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සහ මන්ත්‍රී  කණ්ඩායම් රැස්වීම්දී කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සහ මන්ත්‍රී  කණ්ඩායම් රැස්වීම ඊයේ (20) සවස ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.

දැන්වීම

මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සහ මන්ත්‍රී  කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන කිසිවකු ඒ සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් නොකිරීම දේශපාලන ක්ෂත්‍රයේ සාකච්ඡාවට සහ විශේෂ අවධානයට ලක්ව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශවාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්සන් එකතු කිරීමේ වගකීම භාර ගෙන සිටින සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානායක සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියත් ඒ අයද මේ සම්බන්ධයෙන් කිසිදු අදහස් දැක්වීමක්,එහි ප්‍රගතිය වාර්තා කිරීමක් හෝ යෝජනා ඉදිරිපත් කිරීමක් කර නොමැත.

මේ අතර විශවාස භංග යෝජනාව සාර්ථක කර ගැනීම සඳහා ඇප කැප වී ක්‍රියා කරන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මේ රැස්වීම්වලට සහභාගී වී නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශ්වාස භංගය ගැන ශ්‍රීලනිප මුනි වත රකියි..? | Lanka Newsweek