“විශ්වාස භංගය ගැන මහින්දටවත් විශ්වාසයක් නැහැ”

(උපුල් බණ්ඩාර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටවත් විශ්වාසයක් නොමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව එක්බද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් ජය ගන්නේ කෙසේ දැයි…
(උපුල් බණ්ඩාර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටවත් විශ්වාසයක් නොමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව එක්බද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් ජය ගන්නේ කෙසේ දැයි සභානාය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියි.
ඔහුට ඒ පිළිබඳව විශ්වාසයක් තිබෙනවා නම් විශ්වාස භංග යෝජනාවට ඔහු මුලින්ම අත්සන් කර සිය මන්ත්‍රීවරුන් දිරි ගන්වමින් ඒ අයට නායකත්වය දිය යුතුව තිබූ බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් කර නොමැති බව ද සඳහන් කළේය.
මේ විශ්වාස භංග යෝජනාව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී අන්ත පරාජයකට පත් කරන බව අවධාරණය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ විශ්වාස භංගය ජය ගැනීමට එක්බද්ධ විපක්ෂයට අවශ්‍ය සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ නැතැයි ද වැඩි දුරටත් පෙන්වා දුන්නේය.