අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්වාස භංගයට අගමැති සූදානම්..!

එජාපයේ අර්බුදය සහ රනිල් ප්‍රශ්නය..!

කෘත්‍යධිකාරිය රැස් වෙයි-අගමැතිට විශ්වාසය පළ කරයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව අන්ත පරාජයකට…

කෘත්‍යධිකාරිය රැස් වෙයි-අගමැතිට විශ්වාසය පළ කරයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව අන්ත පරාජයකට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීන්දු කළේය.

ඊට අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ අවස්ත්වවෙදී කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් අවධරණය කර සිටියේ සියලු දෙනාම එකට එක්ව මේ විශ්වාස භංගය පරාජයට පත් කළ යුතු බවය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මුලස්ථානයේදී අද (29) උදේ රැස්විය.

මේ අතර නායකයාගේ සිට පහළට එක්සත් ජාතික පක්ෂයේ සිදු විය යුතු පුළුල් ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස පළමු වැනිදා සිටම ආරම්භ කළ යුතු බව අවධාරණය කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අප්‍රේල් මස 10 වැනිදා වන විට අවසන් කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.

විශ්වාස භංග යෝජනාව පරාජය කළාට පසු ඉතිහාසයේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සටහන්වලට අත්වූ ඉරණම මේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළටත් අත් වේවි ද යන සැකය සියලු දෙනා අතර තිබෙන බව සුජීව සේනසිංහ සහ දයා ගමගේ යන මහත්වරුන් එහිදී කියා සිටියේය.

එහිදී වහාම මැදිහත් වූ ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේ  එවැනි ඉරණමක් මෙවර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළටත් අත් වීම වළක්වා ගැනීමට සියලු දෙන එකට එක්ව ක්‍රියා කළ යුතු අතර ඒ සඳහා සියලු දෙනාට වගකීමක් තිබෙන බවය.

එහිදී වහාම නැගී සිටී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණයෙන් යුතුව කියා සිටියේ ඉදිරියට යා හැකි නායකයින් විසි දෙනකු තමා හඳුනා ගෙන සිටින අතර තමාට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ජයග්‍රාහී මාවතට ගෙන එම නායකයින්ට පක්ෂය භාර දීමට බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශ්වාස භංගයට අගමැති සූදානම්..! | Lanka Newsweek