විවාදයට බියේ රතු අලි පැටවුන්ගේ නායකයා ජනපති අස්සේ හැංගිලා නාඩගම් නටනවා

රතු අලි පැටවුන්ගේ නායකයාගේ නායකයා ජනපතියි රට වටේම තිබෙන මුහුදෙන් අප ප්‍රයෝජන ගන්නේ නැහැ ධීවරයන්ට සහනාධාරය දෙනවා සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ධීවරයෙක් බිහි කරනවා රතු පාට විප්ලවවාදීන් අද රතු අලි මල්ලිලා…
රතු අලි පැටවුන්ගේ නායකයාගේ නායකයා ජනපතියි
රට වටේම තිබෙන මුහුදෙන් අප ප්‍රයෝජන ගන්නේ නැහැ
ධීවරයන්ට සහනාධාරය දෙනවා
සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ධීවරයෙක් බිහි කරනවා

රතු පාට විප්ලවවාදීන් අද රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපති එක්ක "Deal" කරමින් විවාද කිරීම සඳහා රජයේ නාලිකාවට එන්නැයි තමාට කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.වරයා
ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය එම විවාදයෙන් පළා යමින් නායකයින් අතර විවාදයක් ගැන කයිවාරු ගහමින් යන බවත් ආර්ථික කණ්ඩයම් සහ නායකයින් අතර විවාදවලට එක වර දින දෙකක් යොදා ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
දැන්වීම
රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගත හැක්කේ කිනම් අයෙකුට ද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් රට බංකොලොත් වී රටට ඩොලර් නැති වී ඇති මේ මොහොතේ කයිවාරු ගහන රතු අලි පැටවුන්ට ආර්ථික කණ්ඩායමක් සහ වැඩ පිළිවෙළක් පවා නොමැති බවත් එමනිසා ඔවුන් එම විවාදයට එන්නේ නැති වුවත් විවාද දෙකටම තමා සූදානම් බවත් ආර්ථික විවාදයෙන් පසු නායකත්ව විවාදය සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "දියඹ දිනන ජන රැල්ල" යන තේමාව යටතේ හලාවත නගරයේ සමඟි ධිවර බලවේගයේ ජාතික මහා සමුළුව අමතමින් වන අතර එම අවස්ථාවට ධීවරයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
විවාද ගැන කියද්දි රතු අලි පැටවුන්ගේ නායකයා ඔහුගේ නායකයා වන ජනාධිපතිවරයා ළගට ගොස් ඇවිටිලි කර 2024.06.06 වැනිදා රාජ්‍ය රුපවාහිනී නාලිකාවක නාඩගම් නැටු බවත් ඔවුන්ට ආර්ථික කණ්ඩායමක් නොමැති වීම ඔවුන්ගේ වරදක් බවත් ඔවුන්ට වැඩ බැරි වුණාට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බවත් එම නිසා තරගයට වැඩ කරන්න ඕනෑම අවස්ථාවක තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
රට වටේටම මුහුද ඇති අපට වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක අයිතිය තිබුණත් ධීවර ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය ලැබෙන්නේ 1.1%ක් බවත් මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු යුතු බවත් කරදිය වගේම මිරිදිය ධීවර කර්මාන්තය නව තාක්ෂණය ඔස්සේ සවිබල ගැන්වූ ධීවර කර්මාන්තයක් බවට පත් කරනා බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
භූමිතෙල් සහනාධාරය, ආම්පන්න සහ නිෂ්පාදන සඳහා බදු සහන ලබා දීම, අවශ්‍ය උපකරණ නිෂ්පාදන කරන ආයතන බිහි කිරීම වගේම ඊට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම, ධීවර පවුල්වල කාන්තාවන් සවිබල ගන්වා සමස්ත ධීවරයන් සවිබල ගන්වන නව ජාතික ධීවර ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීම, ඒ ඔස්සේ දූපත් දේශයක් ලෙස රට වටේම ඇති සයුරු සම්පත සහ එහි මත්ස්‍ය සම්පත තිරසර සංවර්ධනයකට ලක් කිරීම සිදු කරමින් මේ රටේ ධීවර කර්මාන්තයේ නව පුනර්ජීවනයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මුහුදු ඛාදනය, නිවාස ගැටලුව, ධීවර පවුල්වල ගැටලු ඇති මොහොතක ධීවර විශ්‍රාම වැටුපක ඉල්ලුමක් ඇති මොහොතක මේ ඉල්ලුමට සවන් දී ධීවර ප්‍රජාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට කටයුතු කරනා බවත් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා සේ ධීවර රැකියාවටත් සුහුරු තාක්ෂණය අනුගත කරනා බවත් ලෝකයේ ධීවර කර්මාන්තය පවා සුහුරු වන මොහොතක අපට පැරණි ක්‍රමවේද යොදා ගත නොහැකි නිසා නව තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
