වියතුන් යනු අමනුෂ්‍ය කොට්ඨාසයක්ද..?

ඉටුකම අරමුදලින් ගත හැකි එන්නත් ප්‍රමාණය 3,154,447ක් එම එන්නත් මිල දී නොගන්නේ ඇයි..? මිනිසුන් මිය යන හැටි බලා ගෙන සිටිය හැක්කේ මනුෂ්‍යයන්ට ද, නොඑසේ නම් අමනුෂ්‍යයන්ට ද..? (මහාචාර්ය මිල්ටන් රාජරත්න)…
ඉටුකම අරමුදලින් ගත හැකි එන්නත් ප්‍රමාණය 3,154,447ක්
එම එන්නත් මිල දී නොගන්නේ ඇයි..?
මිනිසුන් මිය යන හැටි බලා ගෙන සිටිය හැක්කේ මනුෂ්‍යයන්ට ද, නොඑසේ නම් අමනුෂ්‍යයන්ට ද..?

(මහාචාර්ය මිල්ටන් රාජරත්න)
"අවසාන වශයෙන් ගත් විට ආණ්ඩුව යනු පුද්ගලයන්ගේ එකතුවක් වේ. ආණ්ඩු බලය ක්‍රියාවට නංවන්නේ මිනිසුන් විසිනි. ආණ්ඩු බලය ක්‍රියාවට නංවන අයගේ කාර්ය වන්නේ මිනිසුන්ට උපකාර කිරීම, මෙහෙයවීම සහ සේවය කිරීමය." යනුවෙන් මහාචාර්ය එම්.ඕ.ඒ ද සොයිසා මහතා සිය "facebook" ගිණුමේ සටහනක් තබා තිබේ.
මෙම ප්‍රකාශය ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය පරිපාලන විශේෂඥ "Luther Gulick"ගේ කියමනකි. ඒ අනුව මහාචාර්ය එම් ඕ ඒ සොයිසා මහතා වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගැන මෙවන් ප්‍රශ්නයක් මතු කරයි. එනම් "මේ ආණ්ඩුව කරන කියන දේවල් අනුව බලන විට ආණ්ඩුව සමන්විත වන්නේ මිනිසුන්ගෙන්ද නැති නම් අමනුෂ්‍යයින්ගෙන්ද.." යන්න එම ප්‍රශ්නයයි. මහාචාර්යවරයා මතු කරන මෙම ප්‍රශ්නය පැහැදිලි කිරීමට මම පහත දැක්වෙන ඌන පූරණය උපයෝගී කර ගනිමි.
දැන්වීම
පරිත්‍යාග ශීලින්ගෙන් එකතු කර ගත් ඉටුකම අරමුදල රුපියල් 1,752,402,793.24 කි. එම මුදල $ 01=Rs 197 යන විනිමය අනුපාතයට අනුව ගණනය කළොත් ඇමෙරිකානු ඩොලර් 8,895,445 කි. "AstraZeneca" එන්නතේ එක මාත්‍රාවක් බෙල්ජියම් ආණ්ඩුවේ ලේඛනවලට අනුව යුරෝපා වෙළෙඳ පොළේ මිල ඇමරිකානු ඩොලර් 2.19කි. ඒ අනුව ඉටුකම අරමුදලේ සියලු මුදල් යෙදෙව්වේ නම් මිල දී ගත හැකිව තිබූ "AstraZeneca" එන්නත් ප්‍රමාණය 4,061,847 කි.
මේ වන විට ඉටුකම අරමුදලේ ඉතිරි වී තිබෙන මුදලෙන් (රුපියල් 1,360, 922,969.24) මිල දී ගත හැකි "AstraZeneca" එන්නත් ප්‍රමාණය 3,154,447කි. මෙම එන්නත් ප්‍රමාණය මිල දී ගැනීමට අවශ්‍ය මුදල් මීට මාස හයකට පෙර සිටම තිබිය දී, එම එන්නත් මිල දී නොගෙන මිනිසුන් ලෙඩ වන, දුක් විඳින සහ මැරෙන හැටි දකිමින් සිටිය හැක්කේ මනුෂ්‍යයන්ට ද..? නොඑසේ නම් අමනුෂ්‍යයන්ට ද..? මේ දෙපිරිසටම එසේ ක්‍රියා කළ නොහැකි වුවත් වියතුන්ට නම් එසේ කළ හැකි බව මේ නිදර්ශනයට අනුව නොවැටහේද..?
