විමල් වීරවංශගේ ලේකම්ගෙන් පූර්ණ සිල්වාට මරණීය තර්ජන..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

“Ocean View Development Company”ය පැත්ත පලාතේ එන්න එපා කියලා..! (උපුල් බණ්ඩාර) විමල් වීරවංශ මහතා අමාත්‍ය ධූරය දරන නිවාස සහ සමාජ සුභා සාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා එම අමාත්‍යංශය යටතේ පවතින…
“Ocean View Development Company”ය පැත්ත පලාතේ එන්න එපා කියලා..!
(උපුල් බණ්ඩාර)
විමල් වීරවංශ මහතා අමාත්‍ය ධූරය දරන නිවාස සහ සමාජ සුභා සාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා එම අමාත්‍යංශය යටතේ පවතින “Ocean View Development Company” සමාගමේ සභාපති පූර්ණ සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර තර්ජනය කර තිබේ.
උපාලි මාරසිංහ මහතා මෙසේ දුරකතනයෙන් කතා කර තර්ජනය කරමින් පූර්ණ සිල්වා මහතාට කියා තිබෙන්නේ යළි සේවයට වාර්තා නොකළ යුතු අතර එසේ සේවයට පැමිණියොත් වැඩ වරදිනු ඇති බවය.
ඒ අවස්ථාවේදී “Ocean View Development Company” සමාගමේ සභාපති ධූරයෙන් තමා පහ කරනවා නම් ඒ බව ලිඛිතව තමාට දැනුම් දී නීත්‍යානුකුලව ක්‍රියා කළ යුතු බව නිවාස සහ සමාජ සුභා සාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාට පැහැදිළි කර දී ඇති පූර්ණ සිල්වා මහතා මේ තර්ජනය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසියේ පැමිණිල්ලක් ද කර තිබේ.
ඒ අනුව බම්බලපිටිය පොලීසිය දෙපාර්ශවයම කැඳවා මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විභාග කර ඇති අතර එහිදී නිවාස සහ සමාජ සුභා සාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පූර්ණ සිල්වා මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගෙන තිබේ.
විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ රජය සමයේ නිවාස සහ ඉංජිනේරු අමාත්‍ය ධූරය දරද්දී පිළියන්දල,කහතුඩුව ප්‍රදේශයේ ඉදි කෙරුණු “හරිත කැදැල්ල”නිවාස ව්‍යාපෘතියේ නිවාස 8ක් සිය ඥාතීන්ට නීති විරෝධී ලෙස නොමිලයේ ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් යහ පාලන ජාතික රජය යටතේ කරුණු සොයා බලා රාජ්‍ය දේපොළ අවභාවිතය කිරීමට අදාළව ඊට වග කිව යුත්තන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට මූලික වී කටයුතු කළේ පූර්ණ සිල්වා මහතාය.
යහ පාලන ජාතික රජය බිඳ වැටී විමල් වීරවංශ මහතා යළි නිවාස සහ සමාජ සුභ සාධන අමත්‍ය ධූරයට පත් වුණාට පසුව සිය ඥාතීන්ට එදා නීති විරෝධී ලෙස නොමිලයේ ලබා දී තිබූ නිවාස 8 යළි ලබා ගැනීමේ මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1