විප්ලවවාදීන්ගේ ත්‍රස්ත වාදය නිසා මිනිස් ජීවිත අහිමි වී රට විනාශ වුණා

2019 සිදු කළ වරද නැවත කළොත් රටට අත් වන ඉරණම සිතා ගැනීමටවත් බැහැ අධ්‍යාපනය වෙනුවෙන් රජයට නැති මුදල් අපට තිබෙනවා නව අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි මේ රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි කියන…
2019 සිදු කළ වරද නැවත කළොත් රටට අත් වන ඉරණම සිතා ගැනීමටවත් බැහැ
අධ්‍යාපනය වෙනුවෙන් රජයට නැති මුදල් අපට තිබෙනවා
නව අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි
මේ රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි කියන විප්ලවවාදීන්ගේ ත්‍රස්තවාදය නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ බවත් උතුරේ සේම දකුණේ ද ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වූ බවත් නැවතත් මෙවැනි ඛේදවාචකයක් රටේ නිර්මාණය නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
ඇමරිකානු ඩොලර් බිලියන 90ක් අප ණය වී ඇති බැවින් 2019 වූ ආකාරයේ වරදක් නැවත නොකරන ලෙසත් එම රජය ගත් අමනෝඥ තීන්දු තීරණ නිසා රට විනාශ වූ බවත් නැවත වරක් එවැන්නක් සිදු වුව හොත් රටට අත් වන ඉරණම සිතා ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 119 වැනි අදියර යටතේ මොණරාගල, බුත්තල, ලුණුගල, යෝධ වැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මීට අමතරව පාසලේ නර්තන ඇදුම් සහ සංගීත උපකරණ මිලදී ගන්න පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමද සිදුවිය.
දැන්වීම
රට බංකොලොත් වී ඇති අවස්ථාවක අධ්‍යාපනය සඳහා අමතර මුදල් වෙන් කරන්න නොහැකි බවට රජය පැවසුවත් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් මුදල් සෙවිය හැකි ක්‍රම රාශියක් පවතින බවත් ඒ ක්‍රම ඔස්සේ පවතින අධ්‍යාපන ක්‍රමය වඩාත් හොඳ ගුණාත්මකභාවයෙන් යුක්තව ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රටේ සෑම පාසලකම අබලන් වූ අංග රාශියක් ඇති බවත් එම අබලන් ස්ථාන නඩත්තු කරන්න කිසිවකුත් නොමැති නිසා පාසල් ඉදි කරන්න පමණක් නොව නඩත්තු කටයුතු සඳහා ද වැඩ සටහනක් අවශ්‍ය බවත් ඒ සඳහා ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් සහ දානපතියන් උපයෝගී කර ගත හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
වත්මන් අධ්‍යාපන ක්‍රමය යුගයට, රටට සේම ජාත්‍යන්තර ඉල්ලුම සහ සැපයුමට නොගැලපෙන නිසා සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවට නව අධ්‍යාපන ක්‍රමවේදයක් රටට ඉදිරිපත් කිරිම බවත් මෙම සාධනීය පරිවර්තනය මත අපේ රටේ පාසල් දූ දරුවන් සුහුරු පුරවැසියන් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
සුහුරු රටක් ගොඩ නැගීමේ මුල් පියවර සුහුරු සිසුවෙකු බිහි කිරිම බවත් සමගි ජන බලවේග අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මත ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුල් තැන ලබා දෙන බවත් 2024 මැතිවරණ වසරේ දී ජනතා ආශිර්වාදයෙන් රටේ වගකීම භාර දෙන්නේ නම් රටේම රජයේ පාසල් සියල්ල සුහුරු පාසල් බවට පත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 119ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1190ක් වැය කර තිබේ