අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායක සෙවනගල සංචාරයක

විපක්ෂ නායක සෙවනගල සංචාරයක

(අචින්ත මධුර) විපක්ෂ නායක වරයාගේ ගමින් ගමට ගොස් ගැටළු සොයා බැලීමේ වැඩ සටහනේ තවත් අදියරක් ලෙස පසුගිය දා සෙවනගල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ශාලා ආශ්‍රිතව ගැටලු…

(අචින්ත මධුර)

විපක්ෂ නායක වරයාගේ ගමින් ගමට ගොස් ගැටළු සොයා බැලීමේ වැඩ සටහනේ තවත් අදියරක් ලෙස පසුගිය දා සෙවනගල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ශාලා ආශ්‍රිතව ගැටලු රැසක් පවතින බවට ප්‍රදේශ වාසීන් විපක්ෂ නායක වරයාව දැනුවත් කරන ලදි.

එහි දී එම සීනි කර්මාන්තශාලාව තුළින් සිය ජීවිකාව ගෙන යන ගොවියන්, සැපයුම්කරුවන්, සේවකයන් ආදී පාර්ශ්ව රැසක් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කෙරුණු අතර, එම ගැටලු ඉදිරි පාර්ලිමේන්තු දිනක රජයේත් විෂයභාර අමාත්‍යවරයාගේත් අවධානයට යොමු කිරීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එහිදී පැමිණ සිටි පිරිස විපක්ෂ නායක වරයාට සිය ස්තුතිය සහ ගෞරවය ප්‍රකාශ කළ අතර, ඔවුන් මුහුණ දී සිටින ජීවිකාව පිළිබඳ ගැටලුව කෙරෙහි රජය නොපෙනෙනා සේ කටයුතු කරමින් සිටින අවස්තාවක, ඔවුන්ගේ ගැටළු සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ගේ ගම් බිම් බලා පැමිණීම සම්බන්දව ඉතා කෘතවේදීව අදහස් ප්‍රකාශ කිරීමද විශේෂයෙන්ම දැක ගැනීමට හැකි විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න