අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායක සජිත් දිගටම වැඩ - ගම් 17ක ගොවි ජනතාවට සහනයක්

විපක්ෂ නායක සජිත් දිගටම වැඩ - ගම් 17ක ගොවි ජනතාවට සහනයක්

(අචින්ත මධුර) අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය කොට්ඨාසයේ මැදඔයාමඩු යන ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද යශෝරා මහ රහතන් වහන්සේගේ පිළිරුවත්, කුටියත් පත්තිනි දේවාලයත්…

(අචින්ත මධුර)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය කොට්ඨාසයේ මැදඔයාමඩු යන ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද යශෝරා මහ රහතන් වහන්සේගේ පිළිරුවත්, කුටියත් පත්තිනි දේවාලයත් විවෘත කිරීමේ මහැගි පිංකම් මාලාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳුදා (15) එක් විය.

ඔස්ට්‍රේලියාවේ පදිංචි ගුරුගේ ඉරේෂා දයානි නමැති උපාසිකාවගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු වූ මෙම පුන්‍යකර්මය අවස්ථාවේ දී විලච්චිය ප්‍රදේශයේ ඇති ගම් 17ක ගොවිතැන සිය ජීවිකාව කර ගත් ගොවි මහත්වරු සවිබල ගැන්වීම වෙනුවෙන් මෙම ගම් 17ට ඔස්ට්‍රේලියාවේ සිටින ධානපතියන් 17 දෙනකු සම්බන්ධ කර මෙම ගම්මානවල ගොවිතැන දියුණු කර මෙම ජනතාවට සවියක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම, ඇයගෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න