විපක්ෂ නායක වරයාගේ සිංගප්පූරු සංචාරය - රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කිරීම

(අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යූහය, රාජ්‍ය සේවය ඇතුළු සමස්ත ක්‍රියාදාමයම ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා ගැනීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (21) සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන හා…
(අචින්ත මධුර)
ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යූහය, රාජ්‍ය සේවය ඇතුළු සමස්ත ක්‍රියාදාමයම ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා ගැනීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (21) සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන හා තොරතුරු අමාත්‍යාංශයේ සංචාරයක නිරත වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.
එහි දී “සුහුරු ජාතියක්” බවට පත්වීම සඳහා සිංගප්පූරුවේ පුරෝගාමී ගමන පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ අතර එම අවස්ථාවට Brandon Loh (Deputy Director – International Affairs Division), Ryan Goh (Assistant Director - International Affairs division) සහ Lynette Kwok (Deputy Director – GovTech) යන අයද එක විය.
එහි දී Smart Nation 1.0 සහ Smart Nation 2.0 මෙන්ම GovTech වැනි ක්‍රමවේද ආදිය සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර මෙම සාකච්චා මගින් ලබා ගත් දැනුම සහ අත්දැකීම් මගින් මෙරට රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීමට කටයුතු කරන බවද විපක්ෂ නායක වරයා මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවේය.