අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායකවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවෙයි

විපක්ෂ නායකවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවෙයි

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දෝවාල් මහතා බ්‍රහස්පතින්දා (6) හමු විය. සමුද්‍රීය…

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දෝවාල් මහතා බ්‍රහස්පතින්දා (6) හමු විය.

සමුද්‍රීය සම්බන්ධතාව, ධාරිතා වර්ධනය සහ නූතන දියුණු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙන්ම දකුණු ආසියානු ජාතීන් අතර කලාපීය සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කරන ලදී. ඉන්දියානු සාගර කලාපයේ මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා තොරතුරු හුවමාරුව, කලාපීය සංවර්ධනට මුලපිරීම් සහ ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

කලාපීය ස්ථාවරත්වය, ඵලදායී සහභාගීත්වය සහ සැවොම ඇතුළත් කර ගත් වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී නැවත නැවතත් අවධාරණය කළේය. ආර්ථික හා බලශක්ති හවුල්කාරිත්වය, ආපදා ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ අඛණ්ඩ බහුපාර්ශ්වික මුලපිරීම් ශක්තිමත් කිරීම සඳහා කොළඹ ස්ථිර සංවාද ලේකම් කාර්යාලයක් පිහිටුවීම වැනි නව ක්ෂේත්‍රවලට සහයෝගීතාව පුළුල් කිරීමට ද මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න