විපක්ෂ නායකට දිඹුලාගල සහ දීඝවාපි නායක නා හිමිවරුන්ගේ ආශීර්වාදය..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ ගොවි ගැටලු සොයා බැලීමේ අරමුණින් සිදු කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්ම රක්ෂිත පාර්ශ්වයේ කාරක සංඝ සභික, උතුරු…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ ගොවි ගැටලු සොයා බැලීමේ අරමුණින් සිදු කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ධර්ම රක්ෂිත පාර්ශ්වයේ කාරක සංඝ සභික, උතුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ සභාපති, දිඹුලාගල උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති, ශ්‍රී මහා කාශ්‍යප මහ පිරිවෙන් පරිවේණාධ්‍යක්ෂක ඓතිහාසික දිඹුලාගල අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දිඹුලාගල රාහුලාලංකාර නාහිමිපාණන්'වහන්සේ මුණ ගැසීමට ද කටයුතු කළේය.
එහි දී උන්වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද සොයා බැලීය. ඉන් අනතුරුව ඓතිහාසික දීඝවාදි රජමහා විහාරාධිපති අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත ශාස්ත්‍රපති මුළු දිවයිනටම සාමවිනිසුරු පූජ්‍ය මහඔය සෝභිත නායක ස්වාමීන් වහන්සේ ද මුණ ගැසී ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය.
අනතුරුව නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරන සංඝනායක දීඝවාපිය පරිවාරක රජමහා විහාරාධිපති සද්දර්ම කීර්ති ශ්‍රී පෝද්දල චන්දානන්ද හිමිපාණන් වහන්සේ ද මුණ ගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී.
