විපක්ෂයේ දී රට රකින බව කියන රාජපක්ෂලා ආණ්ඩුවේ දී රට විකුණනවා

(හේමන්ත තුසිත කුමාර) ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැති බවත් විපක්ෂයේ සිටිද්දී එක් විදියකටත් ආණ්ඩුවට ගිය පසු තව විදිහකටත් ක්‍රියා කරමින් දේශීය සම්පත් විකිණීමට පටන් ගෙන ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක…
(හේමන්ත තුසිත කුමාර)
ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැති බවත් විපක්ෂයේ සිටිද්දී එක් විදියකටත් ආණ්ඩුවට ගිය පසු තව විදිහකටත් ක්‍රියා කරමින් දේශීය සම්පත් විකිණීමට පටන් ගෙන ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර සිටියි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබදව බ්‍රහස්පතින්දා (08) පාර්ලිමේන්තුවේදි සිදුකල විවාදය අවස්ථාවේදි වන අතර තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
මම ජි.එල් පීරිස් මැතිතුමාගෙන් අහන්න කැමතියි , මහින්ද රාජපක්ෂ මැතිතුමා ජානාධිපති කාලේ සයිටම් විශ්ව විද්‍යාලය පටන් ගත්තා .පසුව යහපාලන ආණ්ඩුව බලයට පත් වුනාම සයිටම් විශ්ව විද්‍යාලය පවත්වාගෙන යනකොට මේ අය විරුද්ධ වුනා . මුළු රටම සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධව පෙළ ගැස්සුවා .එදා එහෙම කරලා අද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගේනවා සම්පුර්ණම පෞද්ගලික විශ්ව විද්‍යාලයක් විදියට .ඔබ තුමාලගේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැ .විපක්ෂයේ ඉන්නකොට එකක් ආණ්ඩුවට ගියාම තව එකක්. විපක්ෂයේ ඉන්නකොට දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියනවා , ආණ්ඩුවට ගියාම ඒවා විකුණනවා .