විනාඩි 20න් දුම්රිය කාර්මික දෝෂය විසදු සිසුවෙක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

යාපනයේ සිට කොළඹ කොටුව බලා පසුගිය 19 වැනිදා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර දුම්රිය කාර්මික ශිල්පීන්ටද එය යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි…
යාපනයේ සිට කොළඹ කොටුව බලා පසුගිය 19 වැනිදා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර දුම්රිය කාර්මික ශිල්පීන්ටද එය යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර එහිදී එම දුම්රියේ කාර්මික දෝෂය යථා තත්වයට පත් කිරීමට එහි ගමන් ගත් සිසුවකු ඉදිරිපත් වී එම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු දුම්රිය යළිත් ධාවනය කිරීමට හැකි වී තිබේ.
මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කිරීමට දමිත් දීමන්ත නමැති ශිෂ්‍යයෙක් ඉදිරිපත් වී ඇති අතර ඔහු මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන්නෙකි.
මෙම දුම්රිය එදින පස්වරු 4.27ට අනුරාධපුරයෙන් පිටත්වීම ඇත. පසුව මහාගල්කඩවල කැළෑබැද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී එම දුම්රිය ධාවනය කිරීමට නොහැකි වී ඇත.එම් අවස්ථාවේ දුම්රිය කාර්මික ශිල්පින් විසින් එම දෝෂය නිවැරදි කිරීමට විනාඩි 45ක් පමණ උත්සාහ කළ ද දෝෂය නිවැරදි කිරීමට නොහැකි වී ඇත.එහිදී දුම්රිය මඟින් හට එහි දුම්රිය බලධාරීන් දැනුම් දී ඇත්තේ දුම්රිය වෙනත් එන්ජිමකින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර එතැන් සිට කොළඹ දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසා දෙන බවය.
මේ අවස්ථාවේ දුම්රියේ විශාල විදේශකයින් ප්‍රමාණයක් ද ගමන් කර ඇත.
ඒ අවස්ථාවේ මගීන් අතර සිටි මෙම සිසුවා ඉදිරිපත් වී තමාට දුම්රියේ දෝෂය නිවැරදි කළ හැකි බව දුම්රිය තාක්ෂණ ශිල්පීන්ට පවසා තිබේ. එම අවස්ථාවේ ඔහුට එම අවස්ථාව ලබා දී ඇති අතර ඔහු ඇතැම් මගීන්ගේ ද සහය ඇතිව විනාඩි 20ක පමණ කෙටි කලකදී දුම්රිය නැවත යථා තත්වයට පත් කර ඇති අතර නැවත කොළඹ කොටුව දක්වා දුම්රිය කිසිදු දෝෂයකින් තොරව ධාවනය කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1