විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මත ගැටුම් ඇති වීමට ඉඩ නොතබනු

එම මත ගැටුම් වහාම සමනය කර ගනු මේ ආයතන අතර අන්තර් අවබෝධය සහ ගරුත්වය වැදගත් -කරු ජයසූරිය- විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මත ගැටුමක් නිර්මාණය වේ නම් එම මත ගැටුම නොපමාව ම සමහන් කර ගත යුතු යැයි…
එම මත ගැටුම් වහාම සමනය කර ගනු
මේ ආයතන අතර අන්තර් අවබෝධය සහ ගරුත්වය වැදගත්
-කරු ජයසූරිය-
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මත ගැටුමක් නිර්මාණය වේ නම් එම මත ගැටුම නොපමාව ම සමහන් කර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායකය යන ආයතන ස්වාධීනව කටයුතු කරන ආයතන පද්ධතීන් ලෙස පවත්වා ගත යුතුව ඇති සේම අන්තර් අවබෝධයකින් සහ ගරුත්වයකින් කටයුතු කිරීම ද ඉතා වැදගත්ය යන්න අප සංවිධානයේ පිළි ගැනීමයි.
ඒ් අනුව ඒ් ඒ් ආයතන අතර මත ගැටුම් ඇති නොවන ආකාරයට තම වගකීම් සහ කාර්ය භාර්යයන් හඳුනා ගෙන කටයුතු කිරීම එකී ආයතන ත්‍රිත්වයෙහිම වගකිමක් වන බව ද අපගේ අදහසයි. ඒ් අනුව ඒ අතරින් කුමන හෝ ආයතනයක් තම වගකීම සහ කාර්ය භාර්යය සපුරාලමින් ලබා දෙන තීරණයකට අනෙක් ආයතනයන් ගරු කළ යුතුව ඇති අතර යම් මත ගැටුමක් නිර්මාණය වන්නේ නම් ඒ් කිසිදු ආයතනයක් අව තක්සේරුවට හෝ හෑල්ලුවට ලක් නොකිරීම ද ඉතා වැදගත් වනු ඇත.
අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින අර්බුද ගණනාවකම ගැඹුරු ස්වභාවය සළකා බැලීමේ දී ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමෙහි සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගත යහ පැවැත්ම කෙරෙහි ද අතිශයින් ම සැළකිලිමත් විය යුතුව තිබේ. එහි දි සෑම ආයතනයක් ම කටයුතු කළ යුතුව ඇත්තේ ඒ් පිළිබඳව වූ අවබෝධයකිනි. එබැවින් කුමන තත්ත්වයක් මත වුව ද මත භේද යාවත්කාලින කළ යුතු නැත. එබැවින් නිර්මාණය විය හැකි කුමන මත භේදයක් වුව ද එම තත්ත්වය නොපමාව ම සමහන් කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම පාර්ශවයකින් ම ඉල්ලා සිටින්නෙමු.